ජපන් අගමැති හමුවීමෙන් පසු අද රනිල් පිලිපීනයට

Date:

ජපානයේ නිළ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජපාන අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතය. ඊට අමතරව ජපාන අධිරාජ්‍යයා ද හමුවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය අවසන් කරමින් අද පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය. ඒ, එරටදී ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහායි. මෙවර සමුළුවේ මුලසුන ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

පිලිපීනයේ රැඳී සිටින කාලය අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව පිලිපීන ජනාධිපතිවරයාද හමුවීමට නියමිතය.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල ශ්‍රී ලංකාව ණයහිමි රටවල් සහ සංවිධාන සමග සාකච්ඡා පවත්වමින් සිටින අතර ‌මේ නිසා ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරය අතිශය තීරණාත්මක වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...