බැසිල් ලංකාවෙන් විසන්ධි වෙයි

Date:

පසුගියදා ඇමරිකාව බලා පිටත්ව ගිය හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ශ්‍රී ලංකාව සමග සියලු සබඳතා අතහැර ඇතැයි වාර්තා වේ. සිය දුරකතන අංකද වෙනස් කරගෙන ඔහු ඇමරිකාවට වී හුදෙකලාව පසුවන බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කරන පුද්ගලයන්ට පවා ඔහුව සම්බන්ධ කර ගැනීමට අපහසු වී ඇති බවද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත්වීමත් සමග රාජපක්ෂ පවුල තුළ මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ පක්ෂය වූ පොදුජන පෙරමුණ තුළද යම් යම් අර්බුද නිර්මාණය වූ අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඇමති තනතුරු ලබාදීම සඳහාද බැසිල් රාජපක්ෂ මහතාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

වත්මන් කැබිනට් මණ්ඩලයේ බහුතරයක් බැසිල් හිතවාදීන් නොවන අතර ඇමරිකාව බලා පිටත්ව යාමට පෙර බැසිල් හිතවාදීන් පිරිසක් කැබිනට් මණ්ඩලයට අතුළත් කිරීමට ඔහු දැරූ උත්සාහය අසාර්ථක විය.

මෙම තත්වය මත නිශ්චිත කාලයකට හෝ දේශපාලන මෙහෙයුම්වලින් ඉවත්ව සිටීමටයි බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන්නේ. කෙසේ නමුත් ඔහුට වැඩි කාලයක් එසේ සිටීමට නොහැකි වනු ඇති බවත්, රාජපක්ෂ පවුල හා පොදුජන පෙරමුණ යළිත් ඉහළට ඔසමා තැබීමට නම් බැසිල්ගේ මැදිහත්වීම අනිවාර්ය වනු ඇති බවත් ඔහුගේ සමීපතමයන් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...