දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28:
දකුණු කොරියානු ජනාධිපති කාර්‍යාලය විසින් උතුරු කොරියානු යුද සිරකරුවන් දෙදෙනෙකු මාරු කිරීම පිළිබඳ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් යුක්රේනයෙන් නිල පැහැදිලි කිරීමක් සහ සමාවක් ඉල්ලා තිබේ.

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ, 2025 ජනවාරි මාසයේදී යුක්රේන හමුදා විසින් රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයේදී අල්ලාගන්නා ලද උතුරු කොරියානු සෙබළුන් දෙදෙනෙකු දකුණු කොරියාවට මාරු කළ බවයි.

දකුණු කොරියානු පාර්ශ්වය පවසන්නේ මෙම මාරුව රහසිගතව තබා ගැනීමට දෙරට අතර එකඟතාවක් තිබූ බවත්, සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව ඇතුළු මානුෂීය හා ආරක්ෂක කරුණු නිසා එය හෙළි නොකිරීමට එකඟ වූ බවත්ය.

එහෙත් යුක්රේන පාර්ශ්වයෙන් එවැනි රහස්‍යතා ගිවිසුමක් තිබූ බව ප්‍රතික්ෂේප කර ඇති අතර මේ හේතුවෙන් දෙරට අතර විශ්වාසයට හානි වී ඇති බව දකුණු කොරියාව පවසන අතර, අවශ්‍ය නම් තවත් පියවර ගන්නා බවද සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...