Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී ගැනීම සඳහා සිදුකර ඇති ටෙන්ඩර් ක්‍රියාවලිය ඉතාම කඩිමුඩියේ සහ නොසැලකිලිමත් ලෙස සිදුකර ඇති බැවින් ඒ පිළිබඳ බරපතළ සැකයක් මතුවන බව ජන අරගල ව්‍යාපාරයේ සාමාජික වසන්ත මුදලිගේ මහතා පවසයි.

මෙම ටෙන්ඩරය කැඳවීමේදී ටෙන්ඩර් යොමුකිරීම් අනුදේශ වාර්තාව (Tender Terms of Reference (ToR) Report) සකස් කර ඇත්තේ Chat GPT කෘතීම බුද්ධි මෙවලම භාවිතයෙන් වන අතර අවම වශයෙන් එහි එන ඉරිකැබලි ඉවත් කිරීමට හෝ සැලකිලිමත් වී නොමැති බව පෙන්වා දුන් ඒ මහතා මෙවැනි ජාතික වැදගත්කමකින් යුතු මෙන්ම අනාගතයේදී විශාල ඒකක ගණනක් මිලදී ගැනීමට සිදුවන ටෙන්ඩරයකදී තාක්ෂණික පිරිවිතරයන් නියම කිරීමේදී මෙතරම් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම ඔස්සේ ටෙන්ඩරයේ මිල ගණන් පිළිබඳ විශාල ගැටලුවක් උද්ගතවී ඇති බවයි සඳහන් කළේ.

“මේ ටෙන්ඩරය කැඳවන ToR report එක හදලා තියෙන්නෙ AI මෙවලමක් භාවිතයෙන්. Chat GPT දාලා තමයි මේක හදලා තියෙන්නෙ. ඒ කියන්නෙ ලංකාවට බොඩි කැම් ටිකක් ඕනෙ, ඒ බොඩි කැම් කොහොම වෙන්නද ඕනෙ කියලා Chat GPT එකෙන් අහලා තියෙනවා ආණ්ඩුවේ පාලකයෝ, නැත්නම් මේකට සම්බන්ධ පාර්ශ්වය. ඊටපස්සෙ Chat GPT එකෙන් දෙනවා ඕගොල්ලන්ට ගැලපෙන බොඩි කැම් එක මෙහෙම එකක් කියලා. ඒ ආවාට පස්සේ ආපු තොරතුරු ටික එහෙම්ම කොපි පේස්ට් කරලා තියෙනවා මේ ඩොකියුමන්ට් එකට. තිබුණු තදියමට මේකෙ තියෙන Chat GPT එකෙන් එන ඉරිකෑලි ටිකවත් මකාගන්න ආණ්ඩුවට ඕනෙකමක් තිබිලා නෑ. මේ ටෙන්ඩර් එක කැඳවපු කෙනාට Chat GPT එකෙන් දුන්නු වචන ටික එහෙම්ම කොපි පේස්ට් දාද්දි ඒක එහෙම නෙවෙයි කියලාවත් පේන්න අඩුම වශයෙන් ඉරිකෑලි ටිකවත් මකාගන්න උනන්දුවක් තිබිලා නෑ. පළවෙනි ප්‍රශ්නය, මේ ජාතික වැදගත්කමක් තියෙන, ජාතික ආරක්ෂාවට ඕනෙ, ලොකු වැඩකට අතගහලා හදන්න යන ටෙන්ඩර් එක කෝල් කරන ToR report එකම Chat GPT එකට දාලා හදලා.

ඊළඟ එක තමයි මේ ටෙන්ඩර් එක කෝල් කරලා තියෙන්නෙ National competitive bidding pocedure එක යටතේ. ඒ කියන්නෙ ලංකාවේ තරගකාරී ආයතන සම්බන්ධ කරගෙන, අවශ්‍ය උපකරණය කියලා, තරගකාරී ක්‍රමයට ලංසු කැඳවලා පිරිනැමීම කරන්න ඕනෙ. ඒ පිරිනැමීම කරන්නෙ බොහෝවෙලාවට අවශ්‍ය දේ ඉක්මනට ඕනෙ නම්, ලංකාවේ මේක හොයාගන්න පුළුවන් නම්, තාක්ෂණික පහසුකම තියෙනවා නම්. සාමාන්‍යයෙන් මේකෙදී මිලියන 500 ට අඩු ව්‍යාපෘතිවලදී මේ ක්‍රමවේදය පාවිච්චි කරනවා. ලංකාවේ 86000 – 100000 කට කිට්ටුවෙන පොලීසියට ආරම්භක ව්‍යාපෘතියක් විදියට බොඩි කැම් 500ක් ගේන්නෙ. හැබැයි මේක දිගටම ව්‍යාප්ත වෙලා යද්දී මේ බොඩි කැම් දහස් ගාණක් ගේන්න වෙනවා. ඒ දහස් ගාණ ගෙන්නද්දී අපි හිතනවා මේ ටෙන්ඩර් පටිපාටියම වැරදියි.

දැන් මේකට ආයතන 24ක් ඉල්ලුම් කරලා තියෙනවා. අවම ලංසුව ඉදිරිපත් කරපු ආයතනය මේ කැමරා 500 ඇතුළු උපකරණවලට ලංසුව ඉදිරිපත් කරලා තියෙනවා කෝටි 5ක්. වැඩිම ලංසුව ඉදිරිපත් කරපු සමාගම කියනවා මේක කෝටි 36කට දෙන්නම් කියලා. එතකොට ඔබ හිතන්න මේ දෙකේ පරතරය හත් ගුණයකින් වැඩියි. ඒ කියන්නෙ අවශ්‍ය තාක්ෂණික උපකරණය ලබාගන්නවාට වඩා මොකක්හරි එකක් ගෙනල්ලා පොලිස් නිලධාරීන්ගේ ඇඟේ එල්ලලා මෙන්න අපි වැඩක් කළා කියලා පෙන්නන්න යන්නෙ රජයෙන්. ඒ නිසා මේ ගෙන්වන තාක්ෂණික උපකරණයේ අවශ්‍ය පිරිවිතර හරියට නෑ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට වෙලා නෑ, ඒ නිසා තමයි මේ සමාගම් 24ක පරතරය මහා පරිමාණයෙන් වැඩිවෙලා දැන් මේ ටෙන්ඩරයේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා”

වසන්ත මුදලිගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...