අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර – මහනුවර

කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයට අයත් දියඇලි රැසක් මේ වන විට ඉතා සුන්දර ලෙස සක්‍රීය වී තිබේ.

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ පිහිටි මෙම දියඇලි බොහොමයක් මෙලෙස පූර්ණ ලෙස ගලාබසින්නේ අධික වර්ෂාව පවතින කාල සීමාවන්හිදීය.

මහනුවර සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි හුළුගඟ නගර මධ්‍යයෙන් ගලාබසින, උසින් මීටර් 45ක් පමණ වන හුළුගඟ දියඇල්ල මේ දිනවල මනරම් දර්ශනයක් මවමින් පහළට කඩාහැලෙයි.

මීට අමතරව, පන්විල තවලන්තැන්න ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි සාරි ඇල්ල දියඇල්ල උසින් මීටර් 25ක් පමණ වේ. සුදු සේලයක් මෙන් මෙන්ම සුළඟට මීදුම මෙන් විහිදෙමින් ගලාබසින බැවින් මෙම දියඇල්ල “සාරි ඇල්ල” ලෙස හඳුන්වන බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

එසේම, වත්තේගම – බඹරැල්ල මාර්ගයේ තවලන්තැන්න ප්‍රදේශයේ පිහිටි ජෝඩු ඇල්ල උසින් මීටර් 45ක් පමණ වන අතර, එක සමාන දියඇලි දෙකක් ලෙස කඩාහැලෙන බැවින් ඊට “ජෝඩු ඇල්ල” යන නාමය පටබැඳී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...