ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28:
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ඉදිරිපත් කළ සාම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුමට විසඳුමක් ලබාගත හැක්කේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් පමණක් බව ඉරානය අවධාරණය කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාඝ්චි සඳහන් කර ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානයේ කොන්දේසි පැහැදිලි බවත්, එම කොන්දේසි සපුරාලීම මත එය රඳා පවතින බවත්ය.

ඉරානය පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අතරතුර සාම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එය කටාර් මැදිහත්කරුවන් හරහා ඇමරිකාවට ලබාදී ඇති බව පවසා තිබේ. යෝජනාවට අනුව හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ කලාපීය සටන් විරාමයක් සඳහා දින හතක කාලසීමාවක් ආරම්භ කිරීමට ඉඩ තිබූ බව වාර්තා වේ. 

කෙසේ වෙතත්, අරාඝ්චි පවසන්නේ මැදිහත්කරුවන් විසින් ඇමරිකාව යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කළ බව තවමත් ඉරානයට දැනුම් දී නොමැති බවයි. ඒ අනුව, ඉරානය ඇමරිකාවේ අවසන් ස්ථාවරය බලා සිටින බව ඔහු සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...