හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට එක්කිරීමට නියමිතයි.

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් මෙම මෙට්‍රෝ බස් රථ සේවාව හදුන්වා දීම සිදුකළේය. අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට එක් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) දින සිට එම මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙට්‍රෝ බස් (Metro Bus) සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා පවසයි.

මෙම නව බස් රථ කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 7ක් ඔස්සේ ධාවනය වන අතර මගීන්ට නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන පරිදි සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

නව බස් රථ හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණක් වන්නේ කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව අවම කිරීම වන අතර වර්තමානයේ බොහෝ දෙනෙකු කාර්යාල වෙත යාමට සහ ඒම සඳහා පෞද්ගලික වාහන භාවිතා කරන අතර බොහෝ විට එක් වාහනයක ගමන් කරන්නේ එක් පුද්ගලයෙකු පමණක් වන හෙයින් ප්‍රතිඵලයක් ලෙස දෛනික ගමනාගමනය සඳහා විශාල වාහන සංඛ්‍යාවක් භාවිතා වන බව තිලකරත්න මහතා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...