රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් තවත් පියවරක් – ඔක්තෝම්බර් 01 සිට වෙන්න යන දේ!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ සයමස් නියමු ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඒ අනුව අමාත්‍යවරයා පැවසුවේ ලබන වසරේ මාර්තු 31වැනිදා දක්වා එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් ” DEMERIT SYSTEM ” හඳුන්වාදීමට තීරණය කර තිබේ.

රථවාහන වැරදිවලට අදාළව දඩගෙවීමට මේ වන විට හඳුන්වාදී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...