ගිනිඅවි බලපත්‍ර ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගිනිඅවි බලපත්‍ර ස්ම්භන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ 2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙනි. ඒ අනුව ගිනිඅවි බලපත්‍රහිමියන්ට 2023 ඔක්තෝබර් මස 1 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා බලපත්‍ර අලුත් කිරීමට කල් ලබාදී ඇති බව සඳහන් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශ www.defence.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

ආරක්ෂ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, 2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමක් සිදුනොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

තවද, 2024/2025 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම 2023.10.01 සිට 2023.12.31 දක්වා සිදුකෙරෙන අතර, ඉන්පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...