වෛරසයක් පකිස්ථානයේ පාසල් වසයි!

Date:

කොළඹ LNW:වෛරසයක් ව්‍යාප්ත වීම හේතුවෙන් පාකිස්තානයේ පාසල් 56000ක් පමණ තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අද (28) සිට එළඹෙන 01 වැනිදා දක්වා පාසල් වසා දැමෙන අතර ඊට රජයේ පාසල් මෙන්ම පෞද්ගලික පාසල්ද අයත් වෙයි.

එම වෛරසය ඇස් රෝගී කර තිබෙන අතර ඉතා වේගයෙන් එය පැතිරයමින් තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ.

ස්පර්ශය මඟින් මෙම රෝගය බෝවෙන බවත් ඇස් රතු පැහැයට හැරීම මෙන්ම කැසීමත් ඇස් වලින් යම් ශ්‍රාවයක් පිටවීමත් දක්නට හැකි බව සඳහන්.

පාකිස්තානයේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන පන්ජාබ් ප්‍රාන්තයේ මෙම රෝගී තත්ත්වය ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. ඒ අනුව එම ප්‍රාන්තයෙන් පමණක් රෝගය ආසාදනය වූවන් තුන්ලක්ෂ පනස්දහසක් පමණ වාර්තා වී ඇති බව දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ කර්මාන්තශාලා, කඩසාප්පු, වෙළඳපොලවල් සහ සාප්පු සවාරි වැනි පරිසරයන්ට මිනිසුන් නිරාවරණය වන ජනාකීර්ණ නගරවල රෝගය වේගයෙන් ව්‍යාප්ත වන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ගේ කෙනෙහිලිකම් නිසා පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : අද (26) පසුවරුවේ,...

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...