ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත් වේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත්කර තිබේ. අදාළ නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කර ඇත. ඊට අමතරව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය ද ව්‍යවස්ථාදායක සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත්ව ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද නව පාර්ලිමේන්තුව පිහිටුවන තෙක් ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වේ. නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව ලබන මස 09වන දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂීම් හා සාගර කාරියවසම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සාමාජිකයින් තිදෙනා ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.

මේ අතර, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් ධුරය පුරප්පාඩු වී තිබේ.ඒ එම ධුරයේ කටයුතු කළ ප්‍රදීප් යසරත්න මහතා හෙට (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙනි. නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යංශ 17ක් සඳහා නව ලේකම්වරුන් පත් කළ අතර එහිදී පසුගිය රජයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ලේකම් ධුරයේ කටයුතු කළ ප්‍රදීප් යසරත්න මහතා යළි එම ධුරයට පත් කිරීමට පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් පසුගිය සිකුරාදා දිනයේ ප්‍රදීප් යසරත්න මහතා අදාළ අමාත්‍යංශවල නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ තමන් ලේකම් ධුරයෙන් ඉවත් වන බවය.දෙසැම්බර් මාසයේ දී තමා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිත බැවින් අදාළ තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බව අද දෙරණ කළ විමසීමක දී ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...