ජාතික රෝහලේ පරීක්ෂණ රැසක් නවතී

Date:

ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සඳහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇත. ඒ හේතුවෙන් රෝගීන්ව ජාතික රෝහල අවට ඇති පෞද්ගලික රසායනාගාර වෙත යොමු කරවමින් සිටින බවත්, ඇතැම් රසායනාගාර සමග ජාතික රෝහලේ ඉහල නිලධාරීන්ගේ සෘජු සම්භන්ධතා පවතින බැවින්, කිසිවෙක් මෙම තත්වයට පිළියම් යෙදීමට උත්සාහ නොකරන බවත් ජාතික රෝහල් අභ්‍යන්තර තොරතුරු මගින් තහවුරු වේ.

පෞද්ගලික රසායනාගාර වෙත පරීක්ෂණ යොමු කිරීම ජාවාරමක් ලෙස සිදු කෙරෙන බැවින් හා බොහෝ පාර්ශවයන් සඳහා එමගින් වාසි ලැබෙන බැවින් ඊට පිළියම් යෙදීම තබා අධ්‍යක්ෂකවරයා පවා මේ පිළිබදව නොදැනුවත් බවකින් කටයුතු කිරීම හේතුවෙන් රෝගීන් දැඩි අර්බුධයකට ලක්ව ඇති අතර, මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවද වාර්තා වේ.

ALT, AST, Bilirubin, Creatinine, Cholesterol, HDL, ALP Protein, Magnecium, Calcium, Amylase, TSH, වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ ඒ අතර වන බවත්, හදිසි හා අත්‍යාවශ්‍ය සේවා රසායනාගාරයේ සිදු කල හැකි උපරිම සංඛ්‍යාව පරීක්ෂණ දෙක තුනකට සීමා වී ඇති බවත්, එම පරීක්ෂණද සිදු කරනු ලබන්නේ රෝහල තුලම නිපදවා ගන්නා ප්‍රතික්‍රීයක භාවිතයෙන් බව වාර්තා වේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කලේ ප්‍රතික්‍රීයක නැතිවීමට හේතුව මුදල් නොමැතිකමටත් වඩා, ඇතැම් විශේෂඥයින් තමන් කැමති සමාගමෙන් පමණක් ප්‍රතික්‍රීයක් ලබා ගැනීමේ දැඩි ඒකාධිකාරයක් පවත්වා ගැනීම බව ප්‍රකාශ කලේය. ජාතික රෝහල සදහා ලබා ගැනීමට උත්සාහ කරනු ලබන ඇතැම් ප්‍රතික්‍රීයක ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නොලැබූ ඒවා වන බැවින්, එම සියලු කටයුතු අවසන් වන තුරු රෝගීන්ට පරීක්ෂණ නොකොට බලා සීටීමට සිදුව ඇති බවද, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් රැසක් තිබියදී ඒවායෙන් ප්‍රතික්‍රීයක ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් මෙම අර්බුධය නිර්මාණය කරගත් එකක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම මේ පිළිබදව සිදු කල සොයා බැලීමකදී ජාතික රෝහල තුල මිලියන ගණන් වැය කරමින් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව අනවශ්‍ය ලෙස ගෙන්වා ගත් රසායනාගාර ස්වයංක්‍රීය යන්ත්‍ර රැසක් පවතින බවත්, වැඩ කරන තත්වයේ උපකරණ පසෙක දමා නැවත නැවත උපකරණ මිලදී ගැනීම දැරිය නොහැකි වියදමක් බවට පත් වීම මෙම ගැටළු ඇති වීමට හේතුවක් වී ඇති බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය ඇමතිවරයාව පවා දැනුවත් කර ඇති බවත් අමාත්‍යාංශ උසස් නිළධාරියෙකු පැවසීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...