ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය දුන්නා. මෙවර ඩීසල් සඳහා පමණයි – කැබිනට් ප්‍රකාශක

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ පරිදි ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන්කිරීමේ යෝජනාවට ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවත් එහිදී සහනාධාර ලබාදෙන්නේ ඩීසල් සඳහා පමණක් බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“දැන් ඇතිවෙලා තියෙන තත්වය පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේම කිව්වා ගම්පහදී. කැබිනට් මණ්ඩලයට අද මුදල් අමාත්‍යාංශය විසින් ඒ යෝජනාව අරගෙන ආවා. ඒ අනුව රුපියල් කෝටි 4100ක්, ඒ කියන්නෙ බිලියන 41ක තෙල් සඳහා සහනාධාරයක් ලබාදෙන්නට වෙන්කළා ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන මාස තුනේදී. දැන් බලාපොරොත්තු වෙන්නෙ ඉහළ යන තෙල් මිල එලෙසම ජනතාව මත පටවන්නේ නැතිව යම් සහනයක් ලබාදෙන්න. මේක ලොකු සහනයක් වේවි. මිල ඉහළ යන විදිහ අනුව තව කොටසක් වැඩි කරන්නත් ඉඩකඩ තියෙයිද කියලා බලන්නට ඕනෙ”

ප්‍රශ්නය – තෙල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක තමයි අපිට යතාර්ථවාදීව බැලුවාම බලාපොරොත්තු වෙන්න වෙන්නෙ සහනාධාරයක් දුන්නත්. එහෙම නේද ඇමතිතුමා ?

“ඔව්. ඒ කියන්නෙ අපි යළිත් මේ යොදවන්නේ භාණ්ඩාගාරයේ තියෙන රාජ්‍ය ආදායමේ කොටසක්. ප්‍රධාන වශයෙන් ජනතාවගේ බදු. අපි පවත්වාගෙන යන මූල්‍ය විනය සහ ස්ථාවරත්වය මත මේ වෙලාවේ මේ සහන දෙන්න හැකියාවක් පවතිනවා. ඊටපස්සෙ අපි බලමු ඉදිරියේදී අපිට සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා යුධමය තත්වය අවසන් වෙලා තෙල් මිල පහළ යයි කියලා. නමුත් මේ මාස තුනට මේ ප්‍රමාණය දැනට අපි වෙන්කරලා තිබෙනවා”

ප්‍රශ්නය – පසුගිය වතාවේ බිලියන 100ක සහන පැකේජයෙන් තෙල් සඳහා බිලියන 57ක් තිබුණා. හැබැයි මෙවර බිලියන 41ක් වෙන් වෙන්නේ. එතකොට මගේ ප්‍රශ්නය ඒ අවස්ථාවේ ඩීසල් සඳහා රුපියල් 100ක සහනාධාරයකුත් උපරිමයක් විදියට, පෙට්‍රල් සඳහා රුපියල් 20ක සහනාධාර මුදලකුත් වෙන් කළා. මේ බිලියන 41 ඇතුළෙත් ඒ ඉලක්කමට යන්න පුළුවන්ද, නැත්නම් ඊට අඩුවෙන්ද ගෙවන්න සිද්ධ වෙන්නෙ ?

“මෙවර අපි බිලියන 41 වෙන්කරලා තිබෙන්නේ ඩීසල්වලට සහනාධාරයක් ලබාදෙන්නට. දැනට ඉතුරුවා ගැන සලකා බලන්නට අපිට මේ මොහොතේ හැකියාවක් නැහැ. අපි ඩීසල් සහනාධාරයක් මේ බිලියන 41 තුළ ලබාදෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ග්‍රාමීය ආර්ථිකය, බොහෝ වාහන සහ කර්මාන්ත යන සියල්ලමත් එක්ක ඩීසල්වලට තමයි මේ වෙලාවේ අපට සහන ලබාදෙන්න පුළුවන්කම තිබෙන්නේ”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...