බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් කාන්තාව ද ඊයේ (28) රාත්‍රියේ මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මෙම වෙඩිතැබීමෙන් පෙරේදා දිනයේදී මියගිය කළු නෝනා නමැති කාන්තාවගේ මව වූ ඩී. එන්. ජී. මල්ලිකා නමැති අයයි.

පෙරේදා (27) දහවල් බද්දේගම හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පසුපස මෝටර් රථයකින් හඹා ආ පිරිසක් T56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබිණි. එහිදී එම කුලී ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගිය අතර අම්බලන්ගොඩ රතුකුරුස නිවාස, ගොඩහේන ප්‍රදේශයේ පදිංචි සුසිතා ඉරෝෂණී හෙවත් කළු නෝනා නමැති 47 හැවිරිදි කාන්තාව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.

ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ තිදෙනාම මේ වනවිට මියගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...