රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී 7.50ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකුට නාඳුනන තුවක්කුකරුවකු විසින් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

මෙහිදී රත්ගම, මෝරොවියාවත්ත ප්‍රදේශයේ පදිංචි මාවඩවිලගේ මලිදු ප්‍රසන්න මෙන්ඩිස් නැමැති තරුණයා තුවාල ලබා ඇති අතර ඔහු රත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

ඔහුගේ වම් පාදයට වෙඩි උණ්ඩ තුනක් පමණ වැදී ඇති බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...

ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය දුන්නා. මෙවර ඩීසල් සඳහා පමණයි – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ...

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...