පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29:
සාම්ප්‍රදායික ඉන්ධන මත ක්‍රියාත්මක වන පෙට්‍රල් සහ ඩීසල් වාහන මාර්ගවලින් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කරමින්, ලෝකයේ ප්‍රථම වතාවට සම්පූර්ණ විදුලි වාහන (EV) යුගයකට පිවිසීමට නෝර්වේ රාජ්‍යය සමත්ව ඇත.

එරට මාර්ග ගමනාගමන තොරතුරු කවුන්සිලයට (OFV) අනුව, 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ අලෙවි වූ සමස්ත අලුත් කාර් රථවලින් 97.8%ක්ම විදුලි කාර් වීම විශේෂත්වයකි. ඇතැම් මාසවලදී මෙම ප්‍රතිශතය 99%ක සීමාවටම ආසන්න වී ඇති බැවින්, වර්තමානයේ නෝර්වේ මහාමාර්ගවල පෙට්‍රල් හෝ ඩීසල් වාහනයක් දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.


මෙම වේගවත් පරිවර්තනය පිටුපස රජයේ ප්‍රබල ප්‍රතිපත්තිමය මැදිහත්වීම් රැසක් ක්‍රියාත්මක වේ. එනම් රජය සහනදායී බදු ප්‍රතිපත්ති ක්‍රියත්මක කිරීම, අඩු මහා මාර්ග ගාස්තු (Tolls), රට පුරා පුළුල් ලෙස විහිදුණු විධිමත් චාජින් ජාලය ආදී රජයේ මෙම දිරිගැන්වීම් හමුවේ එරට ජනතාව අතිශය කෙටි කාලයක් තුළ මෙම තාක්ෂණික විප්ලවයට හුරු වී තිබේ.

මෙම හරිත පෙරළියේ ටෙස්ලා (Tesla) රථවලට දැවැන්ත ඉල්ලුමක් ඇතිව ඇති අතර වෙනත් ඕනෑම ප්‍රතිවාදී වාහන මාදිලියකට වඩා දෙගුණයකටත් වඩා වැඩි අලෙවි වාර්තාවක් පිහිටුවමින් ටෙස්ලා රථය මේ වන විටත් නෝර්වේ මහාමාර්ගවල සිය ආධිපත්‍යය තහවුරු කරගෙන තිබේ.

තාක්ෂණය සහ නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්ති එකතු වූ විට පෘථිවියේ අනාගතය සුරක්ෂිත කිරීමට කොතරම් ඉක්මනින් කටයුතු කළ හැකිද යන්න නෝර්වේ රාජ්‍යය අද මුළු ලෝකයටම ප්‍රායෝගිකව පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කරූට 86 යි !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...