HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29:
ෆීජි රාජ්‍යයේ HIV ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් එරට බලධාරීන් HIV හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

වාර්තා අනුව, ෆීජිහි වැඩිහිටියන් 60 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ HIV සමඟ ජීවත් වන අතර, මෙම තත්ත්වය විශේෂයෙන්ම තරුණ පිරිස් අතර බරපතළ අවධානයට ලක්ව ඇත.

HIV ආසාදනය පැතිරීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතයේදී සිරින්ජර් සහ ඉඳිකටු හුවමාරු කරගැනීම හඳුනාගෙන තිබේ. හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීම මගින් එවැනි අවදානම් අවම කිරීම, පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා ප්‍රවේශය වැඩි කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වේගවත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

HIV ආසාදනයට නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් වෛරසය පාලනය කළ හැකි වුවද, ආසාදිතයන් හඳුනාගැනීම සහ ප්‍රතිකාර වෙත ඔවුන් යොමු කිරීම මෙම අර්බුදයට මුහුණදීමේ ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කරූට 86 යි !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...

පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...