ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :

“ආහාර හානිය සහ නාස්තිය අවම කිරීම සඳහා දේශගුණික ක්‍රියාකාරකම්” යන තේමාව යටතේ ආහාර හානිය සහ නාස්තිය පිළිබඳ ජාත්‍යන්තර අවබෝධතා දිනය අද(29) දින සමරනු ලබයි.


එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවලට අනුව, ලෝක ජනගහනයෙන් 9.2%ක් නියෝජනය කරමින් ජනතාව මිලියන 735ක් දැඩි ආහාර හිඟයකින් පෙළෙති.

දේශීය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අනුරාධපුර පසු අස්වනු කළමනාකරණ ආයතනයේ ආචාර්ය ඩබ්ලිව්. සී. බී. වීරසිංහ මහතා අනාවරණය කළේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ආහාරවලින් 30%කට ආසන්න ප්‍රමාණයක් නාස්ති වන බවයි.

නාගරික ප්‍රදේශවල පමණක් දිනපතා පරිභෝජනයට සුදුසු ආහාර මෙට්‍රික් ටොන් 4,000ක් පමණ අපතේ අරින බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහාය ඇතිව දිවයින පුරා ආහාර හානිය සහ නාස්තිය සැලකිය යුතු ලෙස අවම කිරීම සඳහා වන පස් අවුරුදු සැලැස්මක් ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජන අරගල සන්ධානයෙන් විරෝධතා සතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල සන්ධානය විසින්...

ගින්නෙන් උපන් සීතල හැදූ ජයලත් පීරිස් මහින්දගේ චරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න සැරසෙයි ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ලක්මව රනින් සැරසූ රුමෙෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ්...

කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති විජිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය...