ලක්මව රනින් සැරසූ රුමෙෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංගට ජනපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි.

සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රීඩා ලොව ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම සඳහා යන ගමන සාර්ථක වන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යොමුවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහායවීමට පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව සිය එක්ස් පණිවුඩය මගින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙවර ජපානයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් වූ අතර එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 88.55කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...