ලක්මව රනින් සැරසූ රුමෙෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංගට ජනපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි.

සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රීඩා ලොව ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම සඳහා යන ගමන සාර්ථක වන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යොමුවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහායවීමට පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව සිය එක්ස් පණිවුඩය මගින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙවර ජපානයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් වූ අතර එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 88.55කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජන අරගල සන්ධානයෙන් විරෝධතා සතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල සන්ධානය විසින්...

ගින්නෙන් උපන් සීතල හැදූ ජයලත් පීරිස් මහින්දගේ චරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න සැරසෙයි ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...

කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති විජිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය...