225 එකට එකතු වුවහොත් මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් ගොඩනගන්න පුලුවන් – විපක්ෂ නායක සජිත්

VIP වරප්‍රසාද භාවිත කර ගුවන්තොටුපලින් රත්රන් ගෙන ආ මන්ත්‍රීවරයාට විරුද්ධව පාර්ලිමෙින්තුවේ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව විරුද්ධ වී යෝජනාවක් ගෙන ආ සේ අප රට මත්පැන් දුම්කොළ දුම්වැටි භාවිතයෙන් රට මුදවා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකග වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම දුම්කොළ සහ මධ්‍යසාර හා දුම්වැටි සම්බන්ධ බදු ගැන කතා කරන විට මහාපරිමාණ දුම්කොළ හා දුම්වැටි ව්‍යාපාරිකයන් ⁣මෙම බදු සකස් කරන නිලධාරීන් අල්ලා ගෙන සිටින බවත් කවුරු බලයට ආවත් මෙය හරියට ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් තිබෙන බවත් නිලධාරීන් සුළු පිරිසක් මෙම සමාගම්වල අත⁣කොලු බවට පත්ව ඇති නිසා එය හරියට ක්‍රියාත්මක නොවන බවත් පාර්ලිමෙින්තුවේ 225 දෙන එකට එකතු වුවහොත් මෙම ක්‍රමය බිඳ දා නිවැරදි ලෙස මත්පැන් දුම්කොළ හා දුම්වැටි වලින් තොර සමාජයක් නිර්මාණය කළ හැකි බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තවද මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එලියේ සිටිනවාට වඩා සිරගෙයි සිටින විට වැඩිපුර ජාවාරම සිදු කරන බැවින් මොවුන්ට විරුද්ධව සිංගප්පූරුවේ ගන්නා ක්‍රියාමාර්ග ගත යුතු බවත දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් මේ තුළින් පාසල් පද්ධතිය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීම පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව රැස්වු අවස්ථාවේ දීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...