Tuesday, December 5, 2023
spot_img

Latest Posts

දිය මතින් යන bullet දුම්රිය මාර්ගයක් චීනෙන්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ෆුජියන් පළාතේ පිහිටා ඇති Zhangzhou, Xiamen සහ Fuzhou, නගර සම්බන්ධ කරමින් ගිනිකොණදිග වෙරළ දිගේ ගොඩනැගූ නවතම තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාත්මක වන”අධිවේගී දිය මත දුම්රිය මාර්ගය” චීන දුම්රිය සේවයට තවත් අංගයක් එකතු කර ගැනීමට චීනය සමත් වී ඇත.

එය දිගින් කිලෝමීටර් 277 වේ.

මෙම මාර්ගයේ දුම්රියවල උපරිම වේගය පැයට කිලෝමීටර් 350ක් වන අතර
මෙම මාර්ගයේ මංගල දුම්රිය ගමන ඊයේ(28) පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව දුම්රිය මාර්ගයේ දැනට පාලම් 84 ක් සහ උමං මාර්ග 29 ක් සහ මුහුද හරහා ගමන් කරන කිලෝමීටර් 20 මාර්ගයක් ඇත.

මෙම අධිවේගී දිය මත දුම්රිය මාර්ගය ජලය මතින් ගමන් කරන ප්‍රථම bullet දුම්රිය මාර්හය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.