විමල් ඇතුළු පිරිසට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස (28) වනදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසළ විරෝධතා සිදුකර මාර්ග අවහිර කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවට විමල් වීරවංශ මහතාට චෝදනා එල්ලවී තිබෙන අතර, ඒ එවක ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී බව සඳහන් වේ.

විමල් වීරවංශ, වීරකුමාර දිසානායක , මොහොමඩ් මුසම්මිල් , රොජර් සෙනෙවිරත්න යන අය ඇතුළු පිරිසකට එරෙහිව කුරුදුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර ඇති බව වඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...