මිනීමැරුම් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට !

Date:

රන්මාල කොල්ලයක් සහ මිනීමැරුමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට ගිය සැකකරුවකු අද (30) අළුයම පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ – පහළගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා පසුගිය 20 වනදා ගම්පහ – අකරවිට ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන්මාලය සහ අත්බෑගය කොල්ලකා තිබුණු අතර එම අවස්ථාවේදී ඇයව බේරාගැනීමට පැමිණි ඇගේ සැමියාට සහ පියාට තියුණු ආයුධයකින් පහරදී තිබිණි. එම ප්‍රහාරයෙන් රෝහල්ගත කෙරුණු කාන්තාවගේ සැමියා මියගියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු අත් අඩංගුවට ගැනීමට අද අළුයම පොලිස් කණ්ඩායමක් ගම්පහ – කොටුගොඩ ප්‍රදේශයේදී වැටළීමක් සිදුකර ඇති අතර එහිදී මෙම සැකකරු පොලිස් නිලධාරීන්ට මන්නයකින් පහරදී පළායාමට උත්සාහ කර ඇති බවත් එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවත් පොලිසිය පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...