ලංකාවට යූරියා පොහොර දෙන්න ඉරානය එකඟ වෙයි

Date:

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබාදීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරාණය ඊයේ (29) එකඟත්වය පළ කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ඉරාණ තානාපති Hashem Ashjazadeh මහතා අද කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී හමුවිය.

විශේෂයෙන් මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර සම්පාදනය සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරෙණි. යුරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යුරියා පොහොර සපයා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලිමක් කළේය.

ඒ සම්බන්ධව අදහස් පළ කළ ඉරාණ තානාපතිවරයා ඉදිරි කාලය තුළ රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යුරියා පොහොර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ් සඳහා මුලික වැඩ පිළිවෙළ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ යුතු බව ද සඳහන් කළේය.

විශේෂයෙන්ම ලබන වසරට අවශ්‍ය යුරියා පොහොර ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එළඹෙන මහා කන්නය සඳහා ද යුරියා පොහොර යම් ප්‍රමාණයක් ලබා දීමට ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය විය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන මාලතී පරසුරාමන් මහත්මිය හා මහේෂ් ගම්මන්පිළ මහතා ද සහභාගි වුහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...