රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති කළ නඩුව අද (30) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසළදී මේ ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවේ යෙදී සිටියදී ප්‍රහාරයට ලක් වූ නිලධාරියා ඒ පිළිබඳව කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගැනීමට පියවර ගෙන ඇත.

අදාළ කැමරා ශිල්පියා සිය කැමරාවෙන් ආරක්ෂක නිලධාරියාගේ හිසට පහර දෙන ආකාරය එම ස්ථානයේ සිටි අනෙක් මාධ්‍යවේදීන් රැසකගේ කැමරාවල පැහැදිලිව පටිගත වී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යම් ආකාරයක අනතුරක් කිරීමට පූර්ව සැලසුමක් තිබුණේද යන්න ගැනත් සැකයක් මතුවී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...