හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති කළ නඩුව අද (30) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසළදී මේ ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවේ යෙදී සිටියදී ප්‍රහාරයට ලක් වූ නිලධාරියා ඒ පිළිබඳව කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගැනීමට පියවර ගෙන ඇත.
අදාළ කැමරා ශිල්පියා සිය කැමරාවෙන් ආරක්ෂක නිලධාරියාගේ හිසට පහර දෙන ආකාරය එම ස්ථානයේ සිටි අනෙක් මාධ්‍යවේදීන් රැසකගේ කැමරාවල පැහැදිලිව පටිගත වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යම් ආකාරයක අනතුරක් කිරීමට පූර්ව සැලසුමක් තිබුණේද යන්න ගැනත් සැකයක් මතුවී ඇති බව සඳහන්.


