ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30:
ජපානයේ අගනුවර ටෝකියෝවට අඛණ්ඩව දින 35ක් පුරා වර්ෂාව ඇදහැලෙමින් පවතින අතර, එම කාලය තුළ මිලිමීටර් 629ක (අඟල් 24.8) වාර්තාගත වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වේ.

මෙම තත්වය සාමාන්‍ය වර්ෂාපතන මට්ටම මෙන් තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයක් වන අතර, දේශගුණික විපර්යාස, එල් නිනෝ තත්ත්වය සහ පැසිෆික් සාගරය ආශ්‍රිත දිගුකාලීන අධි පීඩන පද්ධතියක් හේතුවෙන් මෙම අසාමාන්‍ය කාලගුණ තත්ත්වය ඇති වී ඇති බව විශේෂඥයන් පෙන්වා දී තිබේ.

අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් ටෝකියෝව අවට කෘෂිකාර්මික ප්‍රදේශවල බෝගවලටද බලපෑම් එල්ල වී ඇති අතර, විශේෂයෙන් පලා වර්ග ඇතුළු එළවළු මිල ඉහළ ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම සංචාරක කර්මාන්තයටද මෙම අයහපත් කාලගුණය බලපෑම් එල්ල කර තිබේ.

ටෝකියෝවේ ප්‍රධාන වැසි සමය සාමාන්‍යයෙන් ජුනි මාසයේදී ආරම්භ වන අතර, ගිම්හාන කාලය තුළද විටින් විට අධික වර්ෂාපතනයක් ඇති වේ. එමඟින් කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතී.

ටෝකියෝවේ මීට පෙර වාර්තා වූ දීර්ඝතම අඛණ්ඩ වැසි කාලය වූයේ 2019 ජුනි 27 සිට ජූලි 29 දක්වා දින 33ක කාලයකි. නව වාර්තාව එම සීමාව දින දෙකකින් ඉක්මවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...