*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ජාතිවාදය කියන්නෙ තමන්ගෙ පැවැත්මට සුලුතරයක් භාවිතා කරන ඉනිමඟක් විතරයි – කරු ජයසූරිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ජන්ම දිනය 2023.09.29 දිනට යෙදී තිබුණු අතර එතුමන් විසින් සිය ජන්ම දින සැමරුම පැවැත්වූයේ යාපනය ප්‍රදේශයේදීයි.

ඒ එතුමන් විසින් ආරම්භ කරන ලද සූර්ය පදනම හරහා සිංහල භාෂාව ඉගෙනගත් දමිළ දරුවන්⁣ වෙත සහතික පත් ප්‍රදානය කරමිණි.මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර චාල්ස් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරවණභවන් මහතා සහ විජේකලා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා,

“අපගේ රට සංවර්ධනය කරා ගෙන යාමටනම්, ජාතික සමඟිය අත්‍යාවශ්‍යයි. එහෙම වෙන්න අනවබෝධය නැති කරගන්න ඕනි. අවබෝධය ඇතිකරගන්නනම් අනිත් කෙ⁣නා කියන දේ අපි දැනගන්න අවශ්‍යයි. ඒකට අපි අපේ රටේ සහෝදර භාෂාවන් ඉගෙනගන්න අවශ්‍යයි. මේ 300 ගණනක් වූ දරුවන් අනෙක් අයටත් සිංහල භාෂාව කියලා දීලා, සිංහල දරුවන්ට දෙමළ කියලා දීලා හැමෝම සමගියෙන් අත් අල්ලාගත්තු දවසට ජාතිවාදය කියන්නෙ තමන්ගෙ පැවැත්මට සුලුතරයක් භාවිතා කරන ඉනිමඟක් විතරයි කියලා තේරෙයි. එම නිසා ඔබ සහෝදරත්වයේ පාලම වෙන්න”

යනුවෙන් පැවසීය.

නොමිනිසුන් අතර මනුසත් බව ප්‍රගුණ කළ ධාර්මික මිනිසෙකු ලෙසින් නිවැරදි අරමුණ වෙනුවෙන් කැපවන, මතු නූපන් පරපුර වෙනුවෙන් හිතන අනාගතවාදී මිනිසෙකු වන වර්තමානයේ ආදර්ශමත්ම දේශපාලන නායකයකු වන සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ නිර්මාතෘ කරු ජයසූරිය මහතාට නීරෝගී ඡන්ම දිනයක් වේවා !!!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan