තෙල් මිලේ වෙනසෙන් පේනවා සිස්ටම් චේන්ජ් එක.මෙන්න මේ වෙනස තමයි අපිට ඕනේ!

Date:

කොළඹ LNW:ඔක්ටේන් 95 වෙනුවට ඔක්ටේන් 92 මිල අඩුකරම්න් අලුත් ආණ්ඩුවෙන් ගත් ක්‍රියාමාර්ගය නියම සිස්ටම් චේන්ජ් එකක් බවත් ජනතාව බලාපොරොත්තු වුනේ මෙවැනි වෙනසක් බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.

ඉන්ධන මිල අඩුකිරීම පිළිබද රජයට ස්තූති වන අතර බස්නාහිර පළාත් ත්‍රීරෝද රථ නියාමන පනත බලාත්මක කිරීමට මැදිහත් වන ලෙසද ඉල්ලා සිටියි.

”ජනතාව නව ආණ්ඩුවක් සමඟ නව ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අවස්ථාවක්. ආණ්ඩුව පිළිබද හොද අදහසක් ගන්න පුලුවන් මිල අඩුවීමක් තමයි මේ දැක්කේ. මෙන්න සැබෑ වෙනස. සිස්ටම් චේන්ජ් එකක්. ඉතාම යහපත්. ආණ්ඩුවට මම කියනවා කරුණාකර මිල නියාමන පනත හරිහැටි ක්‍රියාත්මක කරන්න. පෙට්‍රල් මිල බිංදුවක් කලත් ජනතාව කැමති මිල අඩුවෙන්නේ නෑ. ආණ්ඩුවට කියනවා සිස්ටම් චේන්ජ් එක කරන්න බස්නාහිර පළාත් ත්‍රීරෝද රථ නියාමන පනත බලාත්මක කරන්න. මිල පහළ දැමීම පිළිබද අපි ස්තූති කරනවා. ඉන්ධන බදු එක සැරේ අඩුකරන්න එපා කරන්න ඕනේ ඒ බදු හොරාකන්නේ නැතිව පාවිච්චි කිරීම. රජයේ බදු අඩුකරගෙන බොරු වලවල්වල වැටෙන්න එපා. අපි බදු අඩුකරන්න කියලා රජයෙන් ඉල්ලන්නෙත් නෑ.” යනුවෙන් ධර්මසේකර මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...