තෙල් මිලේ වෙනසෙන් පේනවා සිස්ටම් චේන්ජ් එක.මෙන්න මේ වෙනස තමයි අපිට ඕනේ!

Date:

කොළඹ LNW:ඔක්ටේන් 95 වෙනුවට ඔක්ටේන් 92 මිල අඩුකරම්න් අලුත් ආණ්ඩුවෙන් ගත් ක්‍රියාමාර්ගය නියම සිස්ටම් චේන්ජ් එකක් බවත් ජනතාව බලාපොරොත්තු වුනේ මෙවැනි වෙනසක් බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.

ඉන්ධන මිල අඩුකිරීම පිළිබද රජයට ස්තූති වන අතර බස්නාහිර පළාත් ත්‍රීරෝද රථ නියාමන පනත බලාත්මක කිරීමට මැදිහත් වන ලෙසද ඉල්ලා සිටියි.

”ජනතාව නව ආණ්ඩුවක් සමඟ නව ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අවස්ථාවක්. ආණ්ඩුව පිළිබද හොද අදහසක් ගන්න පුලුවන් මිල අඩුවීමක් තමයි මේ දැක්කේ. මෙන්න සැබෑ වෙනස. සිස්ටම් චේන්ජ් එකක්. ඉතාම යහපත්. ආණ්ඩුවට මම කියනවා කරුණාකර මිල නියාමන පනත හරිහැටි ක්‍රියාත්මක කරන්න. පෙට්‍රල් මිල බිංදුවක් කලත් ජනතාව කැමති මිල අඩුවෙන්නේ නෑ. ආණ්ඩුවට කියනවා සිස්ටම් චේන්ජ් එක කරන්න බස්නාහිර පළාත් ත්‍රීරෝද රථ නියාමන පනත බලාත්මක කරන්න. මිල පහළ දැමීම පිළිබද අපි ස්තූති කරනවා. ඉන්ධන බදු එක සැරේ අඩුකරන්න එපා කරන්න ඕනේ ඒ බදු හොරාකන්නේ නැතිව පාවිච්චි කිරීම. රජයේ බදු අඩුකරගෙන බොරු වලවල්වල වැටෙන්න එපා. අපි බදු අඩුකරන්න කියලා රජයෙන් ඉල්ලන්නෙත් නෑ.” යනුවෙන් ධර්මසේකර මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...