IMF නියෝජිත කණ්ඩයමක් දිවයිනට!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් හෙට (02) මෙරටට පැමිණීමට නියමිතයි.

ඔවුන් ඔක්තෝබර් 04 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමට නියමිත බව සඳහන්.

මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රි ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වන අතර නව රජය ඔවුන් සමඟ මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහන ගැන සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බවද කියවෙයි.

මේ අතර එම වැඩසටහනේ ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝම්බර් මස අග භාගයේදී නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...