සීමා පැනගත් වාහන ආනයනය. අගෝස්තුවේ වාර්තාගත වැයක්!

කොළඹ LNW:වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,007.5ක වියදමක් වාහන ආනයන වියදම ලෙස දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වන අතර මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වී තිබේ. එය ඩොලර් මිලියන 255.7ක් ලෙස දැක්වෙයි.

ජනවාරි – ඇ.ඩො. මි.29.1

පෙබරවාරි – ඇ.ඩො. මි.22.3

මාර්තු – ඇ.ඩො. මි.54.0

අප්‍රේල් – ඇ.ඩො. මි.145.6

මැයි – ඇ.ඩො. මි.125.2

ජූනි – ඇ.ඩො. මි.169.6

ජූලි – ඇ.ඩො. මි.206.0

අගෝස්තු – ඇ.ඩො. මි.255.7 ලෙස එම ආනයන වියාම දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...