තමන් අගමැතිකම බාර ගත්තා නම් පොහොට්ටු නායකයින් කරන්නට ගිය දේ විපක්ෂ නායක සජිත් කියයි!

Date:

ජනතා අරගලය හේතුවෙන් ඉල්ලා අස් වන්නට සිදු වූ ජනපති-අගමැති-මුදල් ඇමති ඇතුළු කණ්ඩායම වෙනුවට එදා ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිතැගි ඉටුකරන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් කිරීම බවත්, එදා තමන්ට අගමැති තනතුරට ආරාධනා කොට ඔවුන් බලාපොරොත්තු වුනේ දින කීපයකට පසු විශ්වාසභංගයක් ගෙනැවිත් තමාගේ දේශපාලන ජීවිතයම අවසන් කොට දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ බව තේරුම් නොගැනීමට තරම් තමන් දේශපාලනයේ අපරිනිත අයෙකු නොවන බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා, එවැනි ලොසිංජරවලට තමන් නොරැවටෙන බව ද අවධාරණය කළේය.

ආණ්ඩුව තමන්ට වැඩක් කරන්නට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කොට ඇති බවත් එවන් ආණ්ඩුවෙන් තමන් ඉල්ලා සිටින්නේ එක ම එක දෙයක් බවත්,ඒ අන් කිසිවක් නොව මැතිවරණයක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ තිස්සමහාරාම බෙරලිහෙළ දී ගොවි ජනතාවට කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහනකට ඊයේ (30) එක්වෙමිනි.

පුරවැසි අරගලය හේතුවෙන් හිටපු මුදල් ඇමති,අගමැති සහ ජනාධිපති පිළිවෙලින් ගෙදර ගිය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවට උපක්‍රමශීලීව පොහොට්ටුවේ නායකයින් විසින් තමන්ට හිතවත් වර්තමාන ජනාධිපතිවරයාව පත් කරගත් බවද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...