තමන් අගමැතිකම බාර ගත්තා නම් පොහොට්ටු නායකයින් කරන්නට ගිය දේ විපක්ෂ නායක සජිත් කියයි!

Date:

ජනතා අරගලය හේතුවෙන් ඉල්ලා අස් වන්නට සිදු වූ ජනපති-අගමැති-මුදල් ඇමති ඇතුළු කණ්ඩායම වෙනුවට එදා ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිතැගි ඉටුකරන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් කිරීම බවත්, එදා තමන්ට අගමැති තනතුරට ආරාධනා කොට ඔවුන් බලාපොරොත්තු වුනේ දින කීපයකට පසු විශ්වාසභංගයක් ගෙනැවිත් තමාගේ දේශපාලන ජීවිතයම අවසන් කොට දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ බව තේරුම් නොගැනීමට තරම් තමන් දේශපාලනයේ අපරිනිත අයෙකු නොවන බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා, එවැනි ලොසිංජරවලට තමන් නොරැවටෙන බව ද අවධාරණය කළේය.

ආණ්ඩුව තමන්ට වැඩක් කරන්නට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කොට ඇති බවත් එවන් ආණ්ඩුවෙන් තමන් ඉල්ලා සිටින්නේ එක ම එක දෙයක් බවත්,ඒ අන් කිසිවක් නොව මැතිවරණයක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ තිස්සමහාරාම බෙරලිහෙළ දී ගොවි ජනතාවට කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහනකට ඊයේ (30) එක්වෙමිනි.

පුරවැසි අරගලය හේතුවෙන් හිටපු මුදල් ඇමති,අගමැති සහ ජනාධිපති පිළිවෙලින් ගෙදර ගිය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවට උපක්‍රමශීලීව පොහොට්ටුවේ නායකයින් විසින් තමන්ට හිතවත් වර්තමාන ජනාධිපතිවරයාව පත් කරගත් බවද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...