*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ලෙජන්ඩ්ස්ලා කියන්නෙ ලෙජන්ඩ්ස්ලට – එච්චරයි

අපි අතීත කාමය රහ කරන්න කැමැත්තෙමු.ඒ රහ අතීතයෙ ක්‍රිකට් කොටසෙ ඉන්න වීරයන්ට ඇති ආදරය ආදරයකටත් වඩා තෘශ්නාවකි.එහි කාලයක් ශ්‍රී ලංකාවට කීයක් ගහලා බේරෙන්නදැයි ප්‍රතිවාදීන් හිසරදයක්ව හිතපු කාලයක් විය.ඒ ගැහිල්ලේදී අපිට හිටිය භයානක පිතිකරු යුගලය වූයේ අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය ය.ඇඟට නොදැනී පන්දුව උඩිනුයි පහළිනුයි හතරෙ සීමාවෙන් එහා පැත්තෙ තියෙන මේ යුගලය අදටත් අසාමාන්‍ය ප්‍රහාරකයෝය.

පන්දු යැවීමේදී චමින්ද වාස්ගේ සූක්ෂම වේගය මෙන්ම ලොව පහළ වූ සුපිරිම දඟ කැවිල්ල වූ මුත්තයියා මුරලිදරන් හමුවේ පිතිකරුවන්ට සෙල්ලම් බැරිය.හැබැයි මේ දෙන්නාට පාලනය වෙමින් සිතූ සේ අත දිග හරින්න සූදානම් වන අවස්ථාවක වැඩ පටන් ගන්න දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට සිටියේය.ඔවුන් හිටිහැටියේම නැඟෙන යෝධයාගේ නිලයකට දෙකකට පහර එල්ල කර අඩපණ කර දමන්නේය.ඒ දෙදෙනා වන්නේද සනත් ජයසූරිය සහ අරවින්දය.ඔවුන් සමහර විට අඩු ලකුණු ගණනක් තිබෙන තරගයක අවසාන පන්දු ඕවරය භාර ගනිමින් තරග ඔළුවෙන් හරවා දිනා දුන් අවස්ථාද ඉතිහාසයේ ඇත්තේය.

එහෙම අවස්ථාවක් ඊයෙ (සැප්තැම්බර් 30) ඉන්දියාවේදී පෙන් වූ යේ සනත් ජයසූරිය ය.ඒ ලෙජන්ඩ්ස් ක්‍රිකට් සූරතාවලියේදී බ්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුව පහසුවෙන් ඉලක්කයට යන්න සූදානම් වෙමින් සිටියදී පිට පිටම පන්දු දෙකකදී කඩුලු දෙකක් ඩැහැ ගනිමින්ය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලබා ගත්තේ ඕවර් 20 අවසානයේ ලකුණු 172 ක් පමණි.එය හඹා යමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් ඉණිම තරගයේ 8 වන පන්දු ඕවරය නිමා වන විට ලකුණු 65 ක් ලබා සිටියේය.ලකුණු ඩ්වෙන් ස්මිත් (23) සහ කොදෙව් ඉණිමේ නැංගුරම වෙම්න් තරගයේ වාර්තා වූ එකම අර්ධ ශතකය ලැබූ ඩ්වෙනාරින් නාරාසිං (63) සුව පහසුවට අත් දිග හරින්නට සුදානම්ව සිටි ඒ මොහොතේ නවවන පන්දු ඕවරය ඇරඹු සනත් ජයසූරිය එම ඕවරයේ දෙවන පන්දුව යවන විට ලකුණු පූවරුව වෙනස් නොකර කඩුලු ගණන තුනක් බවට වෙනස් කිරීම හැරවුම් ලක්ෂය විය.

ශ්‍රී ලංකාවේ ලකුණු 172 වෙනුවෙන් මේ දක්වා තරගාවලියේ සාර්ථකව සිටි ඩිල්ෂාන්ට සහ උපුල් තරංගට ප්‍රශස්ත දායකත්වයක් ලබා දෙන්නට නොහැකි විය.නමුත් ඉෂාන් ජයරත්න ලකුණු 31 ක් ලබමින් ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා විය.සනත් ජයසූරිය ලකුණු 25 ක් ද,ජීවන් මෙණ්ඩිස් ප්‍රහාරාත්මක ලකුණු 25 ක් ද එකතු කළේය.නමුත් 16 වන ඕවරයේ ශ්‍රී ලංකාව නිමා කළේ කඩුලු 8 ක් අහිමිව ලකුණු 135 ක් හැටියට ය.ඒ මොහොතේදී කලක් ශ්‍රී ලංකාවේ තරග වෙනස් කරන්නා වෙමින් නැඟී ආ පසුව සැඟව ගිය අසේල ගුණරත්න මෙන්ම පසුපෙළ ප්‍රහාරය ශක්තිමත් කළ ඉසුරු උදාන නවවන කඩුල්ලට ලකුණු 20 ක් එකතු කළේය.එහිදී හයේ පහරක් සහ හතරේ පහරක් සහිතව ලකුණු 16 උදානගේ දායකත්වය විය.අවසානයට පැමිණි නුවන් කුලසේකර ද ශ්‍රී ලංකාවේ සියල්ල දැවී යාම වළක්වමින් අසේලත් සමඟ පන්දු ඕවර් 20 හමාර වන විට ලකුණු පූවරුව කඩුලු 9 ට 172 ක් බවට පත් කළ අතර අසේල ගේ දායකත්වය නොදැවී 13 ක් ද නුවන්ගේ දායකත්වය නොදැවී 8 ක් ද වි තිබිණ.

නුවන් පිළිතුරු ඉණිමට පිවිසි කොදෙව් කණ්ඩායමේ ලකුණු ලැබීමේ තිරිංග තද කිරීමේ මූලිකත්වය ගත්තේය.පන්දු ඕවර් 4 ලකුණු 26 ට නිමා කරමින් කඩුලු දෙකක්ද නුවන් දවා ගත් අතර ඒ අතර නාරසිං ද විය.ඒ නිසාම ඔහු තරගයේ වීරයා ද විය.කෙසේ නමුත් කොදෙව්වෝද ලෙජන්ඩ්ස්ලා බව සිහි කරමින්ම තරගයේ ආරම්භයට පිවිසි අතර සුපිරි බ්‍රයන් ලාරා ඉණිම අරඹමින් පන්දු 11 දී ලකුණු 17 ක් එකතු කළේය.ලාරා,ඩ්වේන් සහ නරසිං හැරුණු විට ඩන්ෂා හෙයිට් (17) සහ ජෙරමි ටේලර් (19) හැරුණු විට කොදෙව් පිතිකරු ලැයිස්තුවට ඉලක්කම් දෙකක අගයක් එකතු කරන්නට අන් කිසිවෙක් නොසිටියේය.එයට හේතුව වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු නිලකුණු පන්දු සේ තබන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝද උපරිම සහයක් ලබා දීමය.

ඇතැම් විනිසුරු තීරණ ද ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කළත් ලෙජන්ඩ්ස්ලා යනු නැවතිය නොහැකි බලවේගයකට කියන නමක් බව පැහැදිළි කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සියලු ගෞරවය සියතට ගත් බව පැහැදිළිව දක්නට ලැබිණ.එම්ආර් සිං සහ උමේෂ් ඩබි නම් වූ විනිසුරුවන් දෙදෙනා වයස 68 සහ 59 වයසේ අය ය.සමහර විට ඒ නිසා අත් වැරදි වන්නටද පුළුවන්ය.නමුත් ඒ කාතව කි විට ක්‍රිකට්ලෝලියෙක් අපූරු කතාවක් කිවේය.
තරගය නිමා වී සනත්ට ඒ බ කීවේනම් ඔහු පෙරළා 53 ත් වයසක් ද අසනු ඇති බවය.ක්‍රීඩා කරන්න 53 අඩුලක් නොවේනම් එම්ආර්සිංගේ 68 හෝ උමේෂ් ගේ 59 විනිශ්චයට එතරම් ගැටළුවක් විය නොහැකි බව පිළිගත යුතුය.නමුත් අවසාන තරගයේදි ශ්‍රී ලංකාව 11 දෙනෙක් පමණක් නොව 13 දෙනෙක් ක්‍රීඩා කළත් ඊට මුහුණ දිය හැති මට්ටමට ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ්ස්ලා සූදානම් කර ගැනීමට හිතට ගැනීම යහපත්ය.


RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan