ලංකාවේ ඇත්තම බල ශක්ති ඇමති කංචන ද, මනිවානන් ද?

Date:

ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රධාන වශයෙන් ඉන්ධන සැපයුම් සිදු කරන්නේ කොරැල් එනර්ජි සමාගම විසිනි. ඩුබායි රාජ්‍යයේ ස්ථාපිත එම සමාගමෙහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ආර්.එම්. මනිවානන් මහතාය.

මනිවානන්ගේ නම බොහෝ අයට හුරු පුරුදුය. ඒ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ සමඟ එක්ව මහත් අඩව්වක් අල්ලමින් චන්ද්‍රිකාවක් ගුවන්ගත කළා යැයි කියූ සුප්‍රීම් සැට් සමාගමෙහි හිමිකරු වූයේද ඔහු නිසාය. ඒ අනුව ලංකාවේ මෑත කාලීන ඉන්ධන ගනුදෙනු සම්බන්ධයෙන් බොහෝ හුට පට ඇතිවෙන්නේ ඇයිද කියාත්, ඒ හුට පට පසුපස සිටින්නේ කවුද කියාත් තේරුම් ගැනීම අපහසු නොවනු ඇත.

මේ වන විට මනිවානන් මහතා ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර රැස්වීම් වලට පවා සහභාගී වන බවත්, තමන්ගේ තීරණ වලට එකඟ නොවන අවස්ථාවල තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට පවා බැන වදින බවත් අප වෙත වාර්තා විය.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනමාධ්‍ය හමුවේ ලකුණුදමා සිටින බව ඇත්තකි. නමුත් අපට ඇති ප්‍රශ්නය වන්නේ කටයුතු කෙරෙන්නේ මේ ආකාරයට නම් ශ්‍රී ලංකාවේ ඇත්තම බල ශක්ති ඇමති කංචන ද, මනිවානන්ද, යන්නය.

සපුගස්කන්ද තෙල්පිරි පහදුවට නොගැලපෙන බොර තෙල් වර්ගයක් ගෙන්වා රටේ මහජනතාවට සිදු කළ දැවැන්ත පාඩුවක් ගැන ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු. ඊට ප්‍රබල දේශපාලඥයෙක්ද සම්බන්ධ බව අපි එහිදී පැවසීමු. රටේ බොරතෙල් ගනුදෙනු ”හොර තෙල්” ගනුදෙනු බවට පත් කළ දේශපාලන පවුල කුමක්දැයි මේ වන විට පාඨකයින්ට වැටහෙනවා ඇත.

අනෙක් ප්‍රශ්නය වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මේවාට ඔහේ සිදුවන්නට ඉඩ දී බලා සිටීමය.

RN

සබැඳි පුවත් :

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...