ලංකාවේ ඇත්තම බල ශක්ති ඇමති කංචන ද, මනිවානන් ද?

Date:

ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රධාන වශයෙන් ඉන්ධන සැපයුම් සිදු කරන්නේ කොරැල් එනර්ජි සමාගම විසිනි. ඩුබායි රාජ්‍යයේ ස්ථාපිත එම සමාගමෙහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ආර්.එම්. මනිවානන් මහතාය.

මනිවානන්ගේ නම බොහෝ අයට හුරු පුරුදුය. ඒ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ සමඟ එක්ව මහත් අඩව්වක් අල්ලමින් චන්ද්‍රිකාවක් ගුවන්ගත කළා යැයි කියූ සුප්‍රීම් සැට් සමාගමෙහි හිමිකරු වූයේද ඔහු නිසාය. ඒ අනුව ලංකාවේ මෑත කාලීන ඉන්ධන ගනුදෙනු සම්බන්ධයෙන් බොහෝ හුට පට ඇතිවෙන්නේ ඇයිද කියාත්, ඒ හුට පට පසුපස සිටින්නේ කවුද කියාත් තේරුම් ගැනීම අපහසු නොවනු ඇත.

මේ වන විට මනිවානන් මහතා ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර රැස්වීම් වලට පවා සහභාගී වන බවත්, තමන්ගේ තීරණ වලට එකඟ නොවන අවස්ථාවල තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට පවා බැන වදින බවත් අප වෙත වාර්තා විය.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනමාධ්‍ය හමුවේ ලකුණුදමා සිටින බව ඇත්තකි. නමුත් අපට ඇති ප්‍රශ්නය වන්නේ කටයුතු කෙරෙන්නේ මේ ආකාරයට නම් ශ්‍රී ලංකාවේ ඇත්තම බල ශක්ති ඇමති කංචන ද, මනිවානන්ද, යන්නය.

සපුගස්කන්ද තෙල්පිරි පහදුවට නොගැලපෙන බොර තෙල් වර්ගයක් ගෙන්වා රටේ මහජනතාවට සිදු කළ දැවැන්ත පාඩුවක් ගැන ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු. ඊට ප්‍රබල දේශපාලඥයෙක්ද සම්බන්ධ බව අපි එහිදී පැවසීමු. රටේ බොරතෙල් ගනුදෙනු ”හොර තෙල්” ගනුදෙනු බවට පත් කළ දේශපාලන පවුල කුමක්දැයි මේ වන විට පාඨකයින්ට වැටහෙනවා ඇත.

අනෙක් ප්‍රශ්නය වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මේවාට ඔහේ සිදුවන්නට ඉඩ දී බලා සිටීමය.

RN

සබැඳි පුවත් :

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...