මල්පාරේ ඉන්ධන පිරවුම්හල පාරිභෝගිකයන්ගෙන් දිනකට ලක්ෂ 05 ක් වංචා කරලා

Date:

කොළඹ මල්පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නිකුත් කිරීමේදී වංචා සිදුකර ඇති බවට හෙලිදරව් විය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ පාරිභෝගිකයන් වෙත නිකුත් කරන සෑම ඉන්ධන ලීටරයකින්ම මිලිලීටර් 10 ක් අඩුවන පරිදි පොම්පය සකස් කර ඇති බවයි.

මෙම වංචාව හරහා පිරවුම්හලේ හිමිකරු විසින් එක් ලීටරයකින් රුපියල් 05 බැගින් දෛනිකව අවම වශයෙන් රුපියල් ලක්ෂ 05 ක් වංචා කර ඇති බවයි.

අදාල පිරවුම්හලේ පොම්ප දෙකක් පෙට්‍රල් නිකුත් කිරීමේදී ඉන්ධන සුළු ප්‍රමාණයක් අඩුවන පරිදි සකස් කර ඇති අතර එම පොම්ප දෙකම මුද්‍රා තැබීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...