හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (01) දහවල් අත්අඩංගුවට ගත් සිරස මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියාව පොලිස් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.
ඉහළින් ලැබුණු නියෝගයක් අනුව මෙසේ එම කැමරා ශිල්පියාව පොලිස් ඇප මත මුදාහැරීමට කොම්පඤ්ඤ වීදිය පොලීසිය කටයුතු කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
පොලීසිය භාර මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්ය සුනිල් වට්‍රගල මහතා ඊයේ රාත්‍රියේ පැවති රූපවාහිනී වැඩසටහනකදී මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ එය පහරදීමක් නොව සෙනඟ තෙරපීම නිසා සිදුවූ දෙයක් බවයි.


