ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW :

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී තිබේ.

ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර මෙම හමුව සිදුවිය. ‘X’ (ට්විටර්) සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ආචාර්ය ජයශංකර් මහතා සඳහන් කළේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැති බවයි.

විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් සහාය ලබා දෙන බව ද ජයශංකර් මහතා එහිදී ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...