(VIDEO):සජිත් අනුරට බයවෙලා.එජාප – සමඟි සාකච්ජා කඩාකප්පල් කළේ සජිත් ඇතුළු නඩේ!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය අතර සාකච්ජා අසාර්ථක හෙයින් ගෑස් සිලින්ඩරයේ ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ අද (02) පවතින දේශපාලන තත්ත්වය ගැන කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය,අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුතු නව සන්ධාන කණ්ඩායම් ජිවන් තොන්ඩමන් කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ඇතුළු පාර්ශව සමඟ එක්ව එක පෙරමුණකින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බව සේනාරත්න මහතා කියාසිටියේය.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට අභියෝග කිරීමට තියෙන බිය නිසා අගමැති ධූරයට පයින් ගසා තිබෙන බවයි ඔහු පැවසුවේ.

එජාපයට හා සමඟියට එකතු වෙන ලෙස රටම කියද්දී එය කඩාකප්පල් කළේ සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම බවද රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැටී නැගිටින නුවරට වැටී නැගිටින පාඩමක්

මේ මොහොත තවමත් වැටුණු රටක කඳුළු වැගිරෙන කතා පිරුණු...

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...