අනුරලා එදා කියපු ගසාකන සූත්තරේ එහෙමමයි. කියපු විදියට කළා නම් පෙට්‍රල් 83.50කින් අඩු කරන්න පුළුවන් – ආනන්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ඉන්ධන මිල සූත්‍රයෙන් අසාධාරණ ලෙස පනවා ඇති රුපියල් 50ක ගාස්තුව, පරිපාලන වියදම් සහ ලාභාංශ ඉවත් කළහොත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 83.50කින් ද ඩීසල් ලීටරයක මිල රුපියල් 86කින් ද අඩු කළ හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා විපක්ෂයේ සිටියදී ගසාකන සූත්‍රය ලෙස හැඳින්වූ ඉන්ධන මිල සූත්‍රය බලයට පැමිණි පසු එලෙසින්ම පවත්වාගෙන යන බවයි ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

“ඩොලරය අඩුවෙලා තියෙන මොහොතක, ලෝක වෙළඳපොලේ නිමි බොරතෙල්, පෙට්‍රල්, ඩීසල් ඇතුළු සියලු දේ අඩුවෙලා තියෙන මොහොතක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සහ එතුමාගෙ ආණ්ඩුවක මුදල් ඇමති කියන සුනිල් හඳුන්නෙත්ති කියපු ප්‍රකාශ අනුව ගසාකන සූත්‍රයටම ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි අපි විරුද්ධ. එනිසා අපි ජනාධිපතිතුමාට කියනවා කරුණාකරලා ගත්තු තීන්දුව යළි පස්සට ගන්න. සංස්ථාවේ ණයබර මහාභාණ්ඩාගාරයට ගත්තු නිසා ජනතාවගේ ඉන්ධන ලීටරයට එය පටවන්නේ නැහැයි කියලා ඔබතුමා කිව්වා. හිටපු බලශක්ති ඇමති රුපියල් 50ක් ඒකට දැම්මා, එහෙනම් මේක අද ගලවන්න තිබ්බා, ගලවලා නැහැ. ඊළඟට මේ සමාගම් 1%ක් රජයට බද්දක් ගෙවිය යුතුයි කියලා කැබිනට් මණ්ඩලය එදා මේ සමාගම් එනකොට අනුමත කළා, ඒකත් නවත්තලා කංචන සහ රනිල් රජය 2%යි පරිපාලන වියදම් තිබුණේ දැන් ඒක 6%යි. ඒ අනුව රුපියල් 50ක් ඉවත් කරලා අසාධාරණ ලෙස පනවලා තියෙන පරිපාලන වියදම්, 4% ලාභාංශය ඉවත් කළොත් ගැටලුවකින් තොරව පළමුව 62.50 කින් අඩු කරන්න පුළුවන් 92 පෙට්‍රල්. ඊටම ඔබතුමාලා ගණනය කරලා තියෙන, අඩුකළ හැකියි කියන ගසාකෑමේ ඊළඟ යටි මුදල රුපියල් 21ත් එක්ක ගත්තොත් 83.50කින් අඩු කරන්න පුළුවන් 92 පෙට්‍රල් ලීටරය. ඊළඟට 95 පෙට්‍රල් රුපියල් 72ක් අඩු කරන්න පුළුවන්. ඩීසල් ලීටරය රුපියල් 86කින් අඩු කරන්න පුළුවන්. ඔබතුමාලා පෙන්නපු සූත්‍රය අනුව, කංචනගේ සාක්කුවට 186ක් යනවා කියලා සුනිල් හඳුන්නෙත්ති කියපු සූත්‍රය අනුව රුපියල් 86කින් අඩු කරන්න තිබ්බ එක අඩු නොකර 24කින් අඩු කරලා ගසාකන සූත්‍රය එලෙසම තියනවා”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...