ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට රටට ඇතුළුවීම තහනම් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය හෙලා දැකීමට අපොහොසත් වීම හේතුවෙන් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස්හට ඊශ්‍රයලයට ඇතුළුවීම තහනම් කර තිබේ.

ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ, ඉරානය ඊශ්‍රායලයට එල්ල කරන ලද දරුණු ප්‍රහාරය ලෝකයේ ඕනෑම රටක පුරවැසියකු කරනවා මෙන් අවිවාදයෙන්ම හෙලා දැකීමට අපොහොසත් වන ඕනෑම අයෙකුට ඊශ්‍රායල් භූමියට ඇතිලත් වීමට නොහැකි බවත්, ඔක්තෝබර් 7 වැනිදා හමාස් මිනීමරුවන් විසින් සිදු කරන ලද සමූල ඝාතන සහ ලිංගික හිංසනයන් තවමත් හෙළා දැකීමට ගුටේරස් අපොහොසත් වීමත්, හමාස්, හිස්බුල්ලා, හූති සහ දැන් ඉරානයේ ගෝලීය ත්‍රස්තවාදයේ මාතෘත්වයේ සිට ත්‍රස්තවාදීන්ට, ස්ත්‍රී දූෂකයින්ට සහ මිනීමරුවන්ට පිටුබලය දෙන මහලේකම්වරයෙකු එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සිහිපත් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...

මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

ලංකාවේ ක්‍රීඩා බලධාරින් මොහාන් රාජ් මඩවලගේ බෝදිලිමා කියවන්න

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: මීට කාලයකට පෙර ශ්‍රී...