රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW:

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම වෙනුවෙන් නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.මෙම ක්‍රමවේදය හෙට (24) සිට ක්‍රියාත්මක වන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මෙම නව ක්‍රමය ඔස්සේ ඕනෑම දුරකථන ජාලයක් හරහා වෛද්‍ය පරීක්ෂණ සඳහා වේලාවන් වෙන් කරවා ගැනීමට පුද්ගලයින්ට හැකියාව ලැබේ.

එම දිනය සහ වේලාව වෙන් කරවා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ක්‍රමය හරහා ලබා ගත හැකි වේලාවන් (appointment slots) සංඛ්‍යාව වැඩි කිරීමට අනාගතයේදී පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...