*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/02

1. රාජ්‍ය රහස් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අධි ආරක්‍ෂිත කලාප නියෝගය ඔක්තෝබර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරයි.

2. රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් පමණක් ගෙවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි.

3. ලබන ජනවාරි මස දක්වා දීර්ඝකළ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි. – පසුගියදා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙහි බිඳවැටුණු ජනන ඒකක දෙක යළි ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බව ද පෙන්වා දෙයි.

4. නොරොච්චෝලේ විදුලි බලාගාරයෙහි 3 වන ඒකකයේ බිඳවැටීම පිළිසකර කර නැවත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර තහවුරු කරයි. – ඒකක 1 සහ 3 දෙකම සම්පූර්ණ ධාරිතාවයෙන් ම ක්‍රියාත්මක වන බව සඳහන්.

5. විදේශ ආයෝජකයෝ, තම ලාභාංශ ආපසු ගෙන්වා ගැනීම සඳහා විදේශ විනිමය ලබා ගත නොහැකි බැවින් ඔවුන්ගේ ලාභාංශ ලැබීම් කොටස් ආයෝජන බවට පරිවර්තනය කිරීමට පෙළඹෙති. – කොළඹ කොටස් වෙළඳපොලට ඩොලර් මිලියන 40.8 ක ශුද්ධ විදේශ විනිමය ගලා ඒමකට මඟ පාදයි.‍

6. ආහාර මිල ඉහළ යාම, ආහාර හිඟය, මන්දපෝෂණය පිළිබඳ වාර්තා සහ වගා ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාදාමයන් හේතුවෙන් කොළඹ නගරයේ නාගරික ජනතාව සීමිත ඉඩවල එළවළු වගා කිරීම ආරම්භ කරයි. – කොළඹ මහ නගර සභාව සහ පන්සල් කිහිපයක් ද මෙම කර්තව්‍යයට දායක වෙයි.

7. පෙට්‍රල් 92 ලීටරයක මිල රු. 40 කින් සහ පෙට්‍රල් 95 ලීටරයක මිල රු. 30 කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. – පෙට්‍රල් 92 නව මිල ලීටරයට රු. 410, පෙට්‍රල් 95 නව මිල ලීටරයට රු. 510 – ඛනිජ තෙල් මඟින් නිපදවන අනෙකුත් නිශ්පාදනවල මිල එලෙසම පවතිනු ඇත.

8. ඇතැම් ජනප්‍රිය වෙබ් අඩවිවලට ලබා දෙන දැන්වීම් නවතා දමන ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ‍ මහජන බැංකුවේ සභාපතිවරයාට සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයාට ‘අණ දී’ ඇති බවට සමාජ මාධ්‍ය තුල විශාල කතාබහක්! – සතිපතා පුවත්පතක සංස්කාරක සහ අයිතිකරුට ද දුරකතනයෙන් ‘කතාකොට බලපෑම් කර’ ඇති බවට වාර්තා.

9. අඩුවන ආයෝජක රුචිය හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ පාඩු සහිතව සතිය අවසන් කරයි. – සියලුම කොටස් මිල දර්ශකයේ (ASPI) ඒකක 20ක, හෝ සියයට 0.2 ක පහත වැටීමක් – කෙසේවෙතත් ASPI මාසයක කාලයක් සඳහා සියයට 9.5 ක ලාභයක් ලබයි.

10. ඉන්දියන් ලෙජන්ඩ්ස් පිල, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පරදවා ලකුණු 33 කින් Road Safety World Series ලෝක කුසලාන තරඟාවලිය ජය ගනී. – ඉන්දියන් ලෙජන්ඩ්ස් 195/6 (20), නාමන් ඕජා 108*, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සියලු දෙනා දැවී ලකුණු 162.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan