ලංකාවෙ තත්වය පහළ දාන්න ලෝක බැංකුව යෝජනා කරයි

ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක තත්වයේ සිට අඩු ආදායම් තත්වය දක්වා ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමීමට ලෝක බැංකුව යෝජනා කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව තහවුරු කර තිබේ.

මීට පෙර ඉන්දියාවද මෙම යෝජනාව ශ්‍රී ලංකා බළධාරීන් වෙත ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකාව දැවැන්ත මුල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර විදේශ ණය ආපසු ගෙවීමද අත්හිටුවා තිබෙනවා. මේ වනවිට ණයහිමියන් වෙත, ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඇතැම් පාර්ශ්ව මේ දක්වා ඊට එකඟතාවය පළකර නොමැත.

ලෝක බැංකු නියෝජිතයන් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබෙන්නේ අර්බුදයෙන් මිදීම සඳහා ආධාර ලබා ගැනීමට සහ අඩු පොළියට ණය ලබා ගැනීමට, අඩු ආදායම් සහිත රටක් ලෙස වර්ග කර තිබීම අමතර වාසියක් වනු ඇති බවයි.

මෙම යෝජනාව පිළිබඳව රජය මේ දිනවල සලකා බලමින් සිටී.

අඩු ආදායම් සහිත රටක් ලෙස වර්ග කිරීම ආධාර ලබා ගැනීමේදී වාසි සහගත තත්වයක් නිර්මාණය කළද ඉන් සමස්ත ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බවයි රජයේ අදහස වී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...