වසන්ත මුදලිගේත් හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යයිද ? – නීතිඥ මනෝජ් නානායක්කාර

Date:

අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත සිරකර තබාගෙන සිටින වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගේ ජීවිත සම්බන්ධයෙන් බරපතල අවදානමක් මතුව ඇති බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා.

වසන්ත මුදලිගේ මහතාට එරෙහිව නඩු ගණනාවක් පවරා ඇති නමුත් ඒ කිසිදු නඩුවක් මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මහජන මුදල් වංචා කිරීම් වැනි අපරාධ සම්බන්ධයෙන් නොවන බව පෙන්වා දෙන නානායක්කාර මහතා පවසන්නේ ඔහු සිදුකළ අපරාධය රටේ ජනතාව වෙනුවෙන්, විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් අරගල කිරීම බවයි.

රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ වරදට අසාධාරණ ලෙස සිරගත කර සිටින වසන්ත මුදලිගේ පසුගියදා මල්වාන ප්‍රදේශයේ නිවසක් වෙත රැගෙන ගොස් ඇති බවත්, එසේ රැගෙන ගිය හේතුව ප්‍රකාශ කිරීමට හෝ පොලීසිය අසමත් බවත් නීතිඥවරයා සඳහන් කරනවා.

පසුගිය කාලයේදී ආයුධ සඟවා ඇති ස්ථාන පෙන්වීම සඳහා අපරාධකරුවන් රැගෙන ගොස් ඝාතනය කළ ආකාරයෙන්ම වසන්ත මුදලිගේ රැගෙන ගොස් ඝාතනය කරනු ඇතැයි සාධාරණ බියක් මතුවන බවයි මනෝජ් නානායක්කාර මහතා ප්‍රකාශ කරන්නේ. වසන්ත මුදලිගේ මහතාගේ හෝ අනෙක් පිරිසගේ හෝ ජීවිතවලට යම් හානියක් සිදු වුවහොත් ඔවුන් අසාධාරණ ලෙස රඳවා තබා ගැනීම සඳහා රඳවා ගැනීමේ නියෝගවලට අත්සන් කළ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...