Friday, March 31, 2023
spot_img

Latest Posts

ආහාර අනාරක්ෂිතභාවය උග්‍ර අතට – ශ්‍රී ලංකාවත් ඉතියෝපියාවේ සෝමාලියාවේ තත්වයටම !

ඉදිරි මාස කිහිපය තුළ ලොවපුරා රටවල් 19 ක ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. රුසියානු-යුක්රේන අර්බුදය, දේශගුණික විපර්යාස, වසංගත සහ කලාපීය ගැටුම් මේ සඳහා බලපාන බවයි එම සංවිධානය පවසන්නේ.

විශේෂත්වය වන්නේ ආසියාවේ ආශ්චර්යය වන ශ්‍රී ලංකාවද අදාල රටවල් කාණ්ඩයට අයත් වීමයි. ඇෆ්ගනිස්තානය, දකුණු සුඩානය, යේමනය, ඉතියෝපියාව, සෝමාලියාව ඇතුළු රටවල මට්ටමටම ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය උග්‍ර වී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම වාර්තාව නිකුත් කර තිබෙන්නේ ලෝක ආහාර වැඩසටහන විසින් නිකුත් කර ඇති වාර්තාවක් උපුටා දක්වමිනි.

පසුගිය ජුනි මාසයේදී ලෝක ආහාර වැඩසටහන වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරගත නොහැකි මට්ටමට මෙරට ආර්ථිකය පිරිහී ඇති අතර දේශීය ආහාර ද්‍රව්‍යවල මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා.

ආහාර අර්බුදය උග්‍ර ලෙස බලපා ඇති ශ්‍රී ලාංකිකයන්ට සහන සැළසීම සඳහා ලෝක ආහාර වැඩසටහන සිය දායකත්වය දක්වමින් සිටින අතර මේ වනවිටත් එම සංවිධානයේ සහනාධාර 50% කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත සපයා තිබෙනවා.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.