*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ලෝක ළමා දිනයේදී සජිත්ගෙන් හෝමාගම සුභාරතී විදුහලට බස් රථයක් ! (VIDEO)

පාසල් තුළ දේශපාලනය කතා කරන බවට තමාට චෝදනා කරන බවත් ඒ අයට දිය හැකි පිළිතුර වශයෙන් සියල්ලන්ටම වඩා දරුවන් වටී කියන දේ අද රටේ ක්‍රියාත්මක වන්නේද කියා සිතන ලෙසත් සියල්ලන්ටම වඩා දරුවන් වටිනවා නම් ඇත්ත කතා කරන්න හැකියාවක් තිබිය යුතු බවත් ඒ සදහා පන්සල, පල්ලිය, කෝවිල, දේවස්ථානය, පාසල කියා සීමා නොකරන බවත් එවැනි බොරු තර්ක ඉදිරිපත් කරන පුද්ගලයන් ජනතාවටත් හොරා රටේ මුදල් පික්පොකට් ගසා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපේ රට බේරාගත් හමුදාව සියයට 50ක් කප්පාදු කරන බවට වාර්තා වන බවත් එසේ රැකියා අහිමි කරන්නේ නම් ඔවුන්ට විකල්ප ජීවනෝපායක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දත්ත පද්ධතියක් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් බදු ගෙවන්නන්ගේ මුදල් ආයෝජනය කර ඇති නමුත් එය ක්‍රියාත්මක නොවන බවත් ඊට අමතරව මුලතිව්වල විනිසුරුවරයෙක් විවිධ පාර්ශ්යන්ගේ බලපෑම් නිසා ඉල්ලා අස් වූ බවත් මෙවැනි භයංකාර තත්ත්වයක් නිර්මාණය වීම ගැන දූදරුවන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

තව ද වසර 15ක් යාමට මත්තෙන් මෙරට අලි සම්පත විනාශ වන බවත් පසුගිය වසර 12ට අලි 3765ක් මිය ගියත් පසුගිය මාස 8ට අලි 271ක් මියගොස් ඇති බවත් පසුගිය සතියේ පමණක් අලි 11ක් මියගොස් ඇති බවත් බොරුවට හරිත ආර්ථිකය, හරිත සංවර්ධනය යන වචන කිව්වත් එය ක්‍රියාවට නැංවිය යුතු බවත් මෙම වන අලි සම්පත මෙරට ඩොලර් උපයන පවුරක් බවට පත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේ ම මේ බංකොලොත් රටේත් බාල බෙහෙත්, එන්නත් ගෙනවිත් කෝටි ගණන් මුදල් ගසා කන බවත් ප්‍රතිශක්තිය සදහා ලබා දෙන ප්‍රතිදේහ එන්නත් කුප්පි 22500ක් ඇ. ඩොලර් මිලියන 3ක් වැය කර ගෙනාවත් ඒ සියල්ල බාල බෙහෙත් බවට ප්‍රකාශයට පත් කර ඇති බවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ගෙන ආ මේ එන්නත නිසා කෝටි ගණනක මුදල් අහිමි වී ඇති බවත් මීට අමතරව රටේ සංචිත ඇති බෙහෙත් පවා නැවත මිල දී ගන්නට සූදානම් බවත් මේවා සම්බන්ධයෙන් දූදරුවන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (1) ලෝක ළමා දිනය නිමිත්තෙන් සක්වල වැඩසටහනේ 80 වැනි බස් රථය හෝමාගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ ආරාධනයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා ද එක් විය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ රටේ දරුවන් ඇත්ත දැන ගත යුතු බවත් දරුවන්ට මව්වරුන්ට හිමි ත්‍රිපෝෂ සලාකය අහිමිවන්නේ කරමින් ත්‍රිපෝෂ කර්මාන්තශාලාව විකුණා දැමීමට රජය සුදානම් බවට ඔවුන් දැනුවත් විය යුතු බවත් ය.

තව ද ළමා අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රකාශනය 1959 දී නික-ුත් වූ බවත් 1989 දී ළමා අයිතිවාසිකම් සම්බන්ධ ලෝක ප්‍රඥප්තිය ඉදිරිපත් වන බවත් මේ තුළින් ළමා සුබසාධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සම්බන්ධයෙන් සෑම අතකින්ම සවිබල ගැන්වූ දරු පරපුරක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වූ නමුත් රටක් ලෙස අප ද මෙම ප්‍රඥප්තිවලට අත්සන් කළත් කොතෙකුත් දුරකට මෙම ප්‍රඥප්තිවල අඩංගු මූලික යෝජනා යථාර්ථයක් බවට පත්කරන්න කටයුතු කළා ද යන්න ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පවා සීමා වි ඇත්තේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වල නිසා අනාගත සමගි ජන බලවේග රජයක් තුළ මේවා පුළුල් කර මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අධ්‍යාපනය, සෞඛය, හොඳ ජීවන රටාවක්, ආර්ථික සමාජීය සංස්කෘතික හා ආගමික අයිතින්වලින් පරිපූර්න වූ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ රටට ඇති බරපතල අවශ්‍යතාව වන්නේ ඩොලර් සහ රුපියල් උත්පාදනය කිරීම බවත් ඒ සඳහා ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් වත්මන් රජය ආර්ථිකය කුඩා කළත් සමගි ජන බලවේගය බලයට පත් වූ විගස අපේ රටේ ජනතාවටත් විශේෂයෙන් දරු පරපුරටත් ජීවත් වීමේ අයිතිය උරුම කර දෙන බවත් පැවසීය. වෙනත් පාලකයන් මෙන් නොව සමගි ජන බලවේගය වසරේ සෑම දිනකම වැඩිහිටියන් හා දරුවන් වෙනුවෙන් කැප වූ බවත් ඒ සම්බන්ධයෙන් තමා අද දින සතුටු වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අපේ රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමට නම් අල්ලස, දූෂණය, වංචාව හා හොරකම තුරන් කර විනිවිදභාවයෙන් යුක්තව වගකියන හා වගවන පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කළ යුතු බවත් එවිට ජනතාවට රට වෙනුවෙන් කැපකිරීම් සිදුකිරීම අනවශ්‍ය බවත් ආණ්ඩු පත් කරන්නේ පත්වූ පාලකයන් වෙනුවෙන් ජනතාවට කැපකිරීම් සිදු කිරීමට නොව ජනතාවට හොඳ ජිවන තත්වයක් හිමිකර දීමට බවත් රටේ නායකයා යනු රටේ ජනතාවගේ බාරකාරයා බවත් ඔහුගේ හදවත ජනතාව දුක් විදින විට උණුවිය යුතු බවත් අනුකම්පාව දයාව කරුණාව මෛත්‍රිය නොමැතිව තනතුරුවල සිටීම ඵලක් නොවන බවත් මේ රටට අවශ්‍ය ජනදුක තේරෙන දූෂණය තුරන් කරන රාජ්‍ය පාලනයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පාසල් දූදරුවන් හා සරසවි සිසුන්ට ද හරියාකාර ආහාර වේලක් නොමැති බවට සමීක්ෂණයක් මඟින් අනාවරණය වී ඇති බවත් පාසල් සිසුන් ආහාර නොමැතිව ක්ලාන්ත දමන බවත් ඔවුන්ට හිමි මූලික අයිතිවාසිකමක් වන රජයෙන් දිවාආහාරය ලබා දීම පවා අහිමි කර ඇති නමුත් සමගි ජනබලවේග රජයක් යටතේ සියලුම පාසල් සිසුන්ට එය ලබා දෙන බවත් පැවසීය. ඊට අමතරව නිල ඇදුම් මෙන්ම අධ්‍යාපනය කර ගෙන යාමට පහසු වන සුහුරු ජංගම දුරකථනයක් හෝ ටැබ් යන්ත්‍රයක් ලබා ගත නොහැකි අයට එවැන්නක් ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan