IMF දෙවන වාරිකය ලැබීම අවිනිශ්චිතයි. මෙය අසාමාන්‍ය තත්ත්වයක් – ජී.එල්.

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ තීරණයට අනුව දෙවැනි වාරිකය ලැබිම පිළිබඳව අවිනිශ්චිතභාවයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ආරම්භයේදීම මෙලෙස දෙවන වාරිකය අත්හිටුවීම අසාමාන්‍ය අද්විතීය තත්ත්වයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ නිසා මෙම දෙවෙනි වාරික අත්හිටුවීමට තීරණය කළ බව IMF නියෝජිතයින් ප්‍රකාශ ක ර තිබෙන අතර IMF දෙවැනි වාරිකය අත්හිටුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

”දෙවන වාරිකය ලබාදීමට පෙර කාර්ය මණ්ඩලයේ එකගත්වයක් අවශ්‍ය බව IMF නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා මහ බැංකුවේ නිලධාරීන් දෙවෙනි වාරිකය කිසිදු බාධාවකින් තොරව ලැබේයැයි දැඩි විශ්වාසයෙන් සිටින්නේ. IMF දෙවන ණය වාරික නොලැබීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමග ගනුදෙනු කිරීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවෙනවා. ආරම්භයේදීම මෙලෙස දෙවන වාරිකය අත්හිටුවීම අසාමාන්‍ය අද්විතීය තත්ත්වයක් බවත්, මෙම ආණ්ඩුව තෝරාගත් සීමිත පිරිසකට බදු විරාම,බදු එකතු නොකරීම එවැනි ක්‍රියා මගින් ගජ මිතුරන් සතුටු කර තිබෙන්නේ. මේ වෙද්දී ඉන්ධන මිල, ගෑස් මිල, විදුලි බිල ඉහළ යෑමෙන් සාමාන්‍ය ජනතාව ජීවමාන ඇටසැකිළි බවට පත්ව ඇති කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවන වංචා දූෂණ පිළිබඳව IMF නියෝජිතයින්ට ඇස් පනාපිට දැක ගත හැකි වුණා. ප්‍රසම්පාදන කටයුතු කියන්නේ වංචා දූෂණවල උල්පත්. මෙම රජයට මාස 10 ක් වැනි කෙටි ආයුෂ කාලය තුළ තමන්ගේ සාක්කු තර කර ගැනීමේ ක්‍රියාවලියක නිරත සිටින්නේ. මෙම රජය තුළ වංචා දූෂණ,අයුක්තිය, අසාධාරණය රජකරනවා. මහ බැංකු අධිපතිවරයා දෙවතාවක් ප්‍රකාශ කර සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බවට. නමුත් අද කරන්නේ ඊට හාත්පසින් විරුද්ධ දෙයක් කරන බව. ජනමතයක් නොමැති ආණ්ඩුවකට සමග IMF ක්‍රියාවලියේ ඉදිරි පැවැත්මක් නැහැ. මෙම IMF දෙවැනි වාරිකය අත්හිටුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි. ලබන වසරේ පත්වෙන අභිනව ආණ්ඩුවක් විසින් IMF සමග නැවත සාකච්ඡා පවත්වා මහජනතාවට අහිතකර යෝජනා ඉවත් කරන්න මැදිහත් වෙනවා.” යනුවෙන් ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (02) නිදහස් ජනතා සභාවේ මාධ්‍ය හමුවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...