අලුතින් පත් කළ කෝප් සහ කෝපා කමිටුවලට හිටපු සභාපතිවරුන් දෙදෙනාම නෑ !

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා අලුතින් පත්කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිවේදනය කරන ලදී.

මීට පෙර එම කමිටු දෙකෙහි සභාපතිවරුන් වශයෙන් කටයුතු කළ මන්ත්‍රීවරුන් දෙදෙනාම මෙවර අදාළ කමිටු සඳහා පත්කර නොමැති වීම විශේෂත්වයකි.

මීට පෙර කෝප් කමිටුවෙහි සභාපති වශයෙන් කටයුතු කළේ මහාචාර්ය චරිත හේරත් මහතා වන අතර මෙවර ඒ මහතා කෝප් කමිටුව සඳහා නම් කර නොමැත. එසේවෙතත් ඒ මහතාව කෝපා කමිටුවෙහි සාමාජිකයකු වශයෙන් නම් කර තිබේ.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා මීට පෙර කෝපා කමිටුවෙහි සභාපති වශයෙන් කටයුතු කළ අතර මෙවර ඒ මහතාව මේ කමිටු දෙකෙන් එකකට හෝ පත්කර නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...