සිතීමේ නිදහසත් අහුරන්න ඉඩ දෙන්න එපා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

Date:

කොළඹ LNW: මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හරහා ජනතාවගේ සිතීමේ අයිතිය පවා සීමා කිරීමට උත්සහ කර තිබෙන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.

මෙම පනත් කෙටුම්පත් හරහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවත් අඩුකරන්න උත්සහ කර තිබෙන හෙයින් ආරම්භයේ සිටම මේවාට විරුද්ධ විය යුතු බවත් එසේ නොකර පනත් සම්මත වුවහොත් දශක ගණනාවක් යනතෙක් ඒවායෙහි පලවිපාක ජනතාවට විදීමට සිදුවන බවයි සාලිය පීරිස් මහතා සඳහන් කරන්නේ.

”රටේ ජනතාවට අයිතියක් තියෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශයට පත්කරන්න. අදහස් ප්‍රකාශ කිරීම පමණක් නෙවෙයි මෙයින් සීමා වෙන්නේ සත්‍ය දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය නැතිවෙන්නේ. කොටින්ම සිතීමේ නිදහස සීමා කරන්න උත්සහ කරලා තියෙනවා. රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මේ පනත් කෙටුම්පත් දෙකෙන් සීමා කරලා තියෙනවා. ජනතාව හැටියට අපි අවබොධයක ඉන්න ඕනේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කරන්න ගන්න මේ උත්සහයක් ගැන. මුල සිටම මේ පනත් කෙටුම්පත් දෙකටම එරෙහි වෙන්න ඕනේ. එහෙම නැතුව පනත් සම්මත වුණාට පස්සේ තවත් දශක ගාණක් යනකම් මේකේ පලවිපාක තියෙයි. අපි දන්නවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව ගෙනාවේ 1979. අද දශක හතරකටත් පසුවත් මේ පනතේ අවභාවිතය දකිනවා. ICCPR පනත පොලීසිය සහ දේශපාලඥයින් අවභාවිත කරන ආකාරය දකිනවා. ඒ වගේම මේ අලුත් පනත් දෙකක පොලීසිය සහ දේශපාලන අධිකාරීන් අවභාවිත කරන්න තියෙන ඉඩ ඉතාම වැඩියි.”යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...