*
Monday, May 6, 2024
spot_img

Latest Posts

සංචාරක ව්‍යාපාරය නැංවීමට නව ගමන් මගක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) Indo Pacific Opportunity Project (IPOP) සහ Sri Lanka Tourism Alliance (SLTA) මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් ඉහළ නැංවීමට සහ සංචාරක කර්මාන්තය නංවාලීමට දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා සමාජ මාධ්‍ය සම්බන්ධ ව්‍යාපාරයක් දියත් කර ඇත.

ඉහළම සංචාරක ආකර්ශණයක් සහිත රටවල් 10 කින් යුත් කණ්ඩායමක් විසින් මෙම ව්‍යාපාරය කරගෙන යනු ඇත. එක්සත් රාජධානිය, ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය, ස්කැන්ඩිනේවියාව, කැනඩාව සහ එක්සත් ජනපදය එම රටවල් කාණ්ඩයට අයත් වේ.

ශ්‍රී ලංකාවට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ගෙනයනු ලබන සංචාරක ක්‍රමෝපායන් සහ අත්දැකීම් සහිත සංස්කෘතික ආකර්ශණීය ප්‍රදේශයන් සොයා මෙම කණ්ඩායම දිවයින පුරා සංචාරය කරනු ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට සංචාරක පැමිණීම්වල යම් වර්ධනයක් පෙන්නුම් කරන අතර සැප්තැම්බර් 26 වනදා වන විට, 2023 වසර සඳහා සංචාරකයින් මිලියනයක් පමණ දිවයිනට පැමිණ ඇත . 2022 වසර පුරා වාර්තා වූ මුළු සංචාරකයින් සංඛ්‍යාව 720,000 ඉක්මවා ඇත.

මෙම සමාජ මාධ්‍ය සම්භන්ධ ව්‍යාපාරය මගින්, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා USAID-IPOP ක්‍රියාමාර්ගයේ තවත් ඉදිරි පියවරක් වේ.

සැප්තැම්බර් 27 වැනිදාට යෙදී ඇති ලෝක සංචාරක දිනය සැමරීමටද සමගාමීව පැවැත්වූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ජූලි චුන්ග් මහත්මිය පැවසූවේ ,මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීමේ වැඩිවීම ඉතාමත් වේඑගයෙන් සිදුවන බවයි. අමෙරිකාව වසර 75ක් ශ්‍රී ලංකාව සමඟ කරට කර ක්‍රියා කිරීමත් සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් පෙනෙන්නේ එම නිසා බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

සමාජ මාධ්‍ය ව්‍යාපාර භාවිතා කිරීම මගුන් ගෝලීය වශයෙන් වෙළඳ නාම සහ සංවිධාන සඳහා ඔවුන්ගේ පණිවිඩ, නිෂ්පාදන හෝ සේවාවන් පුළුල් සහ මෙහි නිරන්තරයෙන් සිටින ප්‍රේක්ෂක පිරිසකට සන්නිවේදනය කිරීම සඳහා ජනප්‍රිය මාර්ගයක් බවට පත්ව ඇත.

USAID විසින් ජෝර්ජියාවේ සහ වඩාත් මෑතක දී නේපාලයේ සමාජ මාධ්‍ය ව්‍යාපාර සඳහා විශාල උනන්දුවක් දක්වා ඇත. විශේෂිත වෙලඳපොලවල් (උදා: එක්සත් රාජධානිය, ජර්මනිය, ඉන්දියාව, ආදිය) මෙන්ම ඇතැම් අවශ්‍යතා (ත්‍රාසජනක, සංස්කෘතිය, සුවතා ආදිය) ඉලක්ක කිරීමට මෙම ව්‍යාපාර විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

මෙම සමාජ මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා නව හැරවුම් ලක්ෂ්‍යක් වනු ඇති බව” ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා පැවසීය.

උසස් තත්ත්වයේ බලපෑම් කරන්නන් හරහා සමාජ මාධ්‍යවල බලය උපයෝගී කර ගැනීමෙන්, ශ්‍රී ලංකාව ඉහළ වටිනාකමක් ඇති ගමනාන්තයක් ලෙස ස්ථානගත කරමින් ශ්‍රී ලංකාවේ ඇති විස්මිත සංචාරක වත්කම් පිළිබඳ ගෝලීය දැනුවත්භාවය වැඩි කිරීමට හැකි වේ.

සිත් ඇදගන්නාසුළු වාග් විලාසයන් හා ඒ සම්භන්ධ සංචාරක ව්‍යාපාරයට සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට, සංචාරක වර්ධනය වැඩි කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ආර්ථිකමය වඩි දියුණු කර ගනීමට මේ හරහා දායක විය හැකිය.

ශ්‍රී ලංකා දිවයින පුරා අලංකාර භූ දර්ශන සහ සංස්කෘතීන් ගෙන් අනූන සහ එමගින් සංචාරක අත්දැකීම් සහ දර්ශන රාශියක් ඇති බව, ස්ටෙලර් සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී පීට් බ්‍රයන්ට් පවසා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan