ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට නව තනතුරක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත් කර ඇත.

මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ සභාපතිවරයා ලෙස මින් පෙර කටයුතු කළේ හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මයික් ගැටින් වන අතර කුමාර් සංගක්කාර 2021 වසරේ සිට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බව සඳහන් වේ.

මෙරට ක්‍රිකට් කතාවේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 134ක්, ක්‍රීඩා කර ඇති අතර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 12,400 ක් ලෙස ක්‍රිකට් පොතේ සනිටුහන් කර ඇත.

ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 404කදී ලකුණු 14234ක් රැස් කර ඇති අතර, පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 56කදී ලකුණු 1382ක් රැස් කරගෙන ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...